Breaking
25 Feb 2025, Tue

ගාල්ලේ සංවිධායකින් පිනවන්න මෛත්‍රීගෙන්,ශාන්ට කෝටි 10

ගාල්ලේ මැයි රැළියේ වියදම් සදහා යැයි පවසමින් ඊයේ රාත්‍රීයේ ජනාධිපතිවරයාගේ නියෝග මත රුපියල් කෝටි 10ක මුදලක් දකුණු පළාත් ප්‍රධාන අමත්‍ය ශාන් විජයලාල් ද සිල්වාගේ නිවසටම ගොස් ලබාදි තිබේන බව අනාවරණය වි  තිබේ.මැයි රැලියට ගාලු දිස්ත්‍රික්කයෙන් සෙනඟ ගෙන එම සදහා සහ සංවිධාන කටයුතු සදහා මෙම මුදල් යවා ඇති අතර හැකිතරම් මුදල් බෙදාදි සංවිධායිකයින් හරහා ජනතාව ගෙන්වා ගැනිමට කටයුතු කරන ලෙසට මේ වනවිට ශ්‍රි ලංක නිදහස් පක්ෂ අජුත සභාපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර ඊයේ වනවිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන්ගේ අමාත්‍යංශ රැසකට අයත් රජයේ වාහන ගාල්ලේ ප්‍රදේශ රැසක නතර කර තිබේන බව දකින්නට ලැබුන බවත් දැනට මෛත්‍රීපාලගේ ගාලු රැස්විමට සහය දක්වන සංවිධායකින්ගේ නිවසට දිනකට අවස්ථා ගණනාවක ගොස් ඔහුන් සමග ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් කෙසේ හෝ ඔහුන් 1 වැනිදා එකතුකරගෙන එමට එම රාජ්‍ය නිළධාරින්ට පනවා ඇති රාජකාරිය වේ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති පුටුවට මෛත්‍රී විසින් පත්කර ගත් ධිවර අමාත්‍ය මහින්ද අමරවිරගේ අමාත්‍යංශයේ සියලුම වාහන සහ නිළධාරින් මේ වනවිට ගාලු දිස්තිරික්කය පුරා දකින්නට තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

මැයි පළමු වැනිදා ගාලු මැයි රැළියේ මාධ්‍ය ආවරණය කිරිම සදහා යහපාලනයට හිතවත් මාධ්‍යවේදීන් පමණක් එවන ලෙසට ජනාධිපතිවරයා පෞද්ගලිකවම මාධ්‍ය ආයතන ප්‍රධානින් සහ මධ්‍ය ආයතනවල විවිධ තනතුරු දරණ මෛත්‍රීගේ හෙංච්යියන්ට දන්වා ඇති අතර මැයි රැළිය අතරතුර හූ ….අහන්නට වන බව දන්නා නිසා මාධ්‍ය හරහ එවා වාර්තා විම වලක්වා ගැනිම මෛත්‍රීගේ අරමුණ වි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.