Breaking
23 Jan 2025, Thu

ගාසා තීරයට බාධාවකින් තොරව මානුෂීය සහනාධාර සැපයීම සහතික කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී

ගාසා තීරයට කිසිදු බාධාවකින් තොරව ආහාර සහ මානුෂීය සහනාධාර සැපයීමේ ප්‍රවේශය සහතික කරන ලෙස ඊයේ(18) එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරන විස්තීර්ණ ආහාර සුරක්ෂිතතා වාර්තාවට අනුව, ගාසා තීරයේ සිටින සියලුම පලස්තීනුවන්ගෙන් අඩකට වඩා එනම් ආසන්න වශයෙන් මිලියන 1.1 ක ජනතාවගේ ආහාර සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර ඔවුන් දැඩි කුසගින්නෙන් පෙළෙන බව හෙතෙම පැවසීය.

ගාසා තීරය පුරා මානුෂීය සහනාධාර පූර්ණ සහ බාධාවකින් තොරව සැපයීමේ ප්‍රවේශය සහතික කරන ලෙස Guterres මහතා නැවත ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම්වලට පූර්ණ සහාය ලබා දෙන ලෙස ද ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.