Featured

ගැණී පල්හොරා මිනිහාට අල්ලස්‌ කොමිසමේ උපදේශක තනතුරක්!

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදේශකවරයෙක්‌ ලෙස පත්කළ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලකගේ  බිරිඳට එරෙහිව එම කොමිසමේම කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලිපිගොනු පහක්‌ ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මිට පෙර මෙම බිරිඳ සතොස ආයතනයේ සේවය කර ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට විමර්ශන සඳහා උපදෙස්‌ ලබාගැනීමට යෑයි පවසමින් බඳවාගත් උපදේශකවරයාගේ බිරිඳට එරෙහිව පවතින ලිපිගොනු පහද විමර්ශනය කළයුතු බව කොමිසමේ කොමසාරිස්‌වරුන් දැඩිව කියා සිටීම නිසා කොමිසම අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

උපදේශකවරයා ලෙස අශෝක විජයතිලක බඳවා ගැනීම කොමිසමේ උසස්‌ නිලධාරිනියකගේ අභිමතය පරිදි සිදුකර ඇති බවත් එය අභියෝගයට ලක්‌කරමින් කොමසාරිස්‌වරුන් සහ එම නිලධාරිනිය අතර මත ගැටුම් නිර්මාණය වීම නිසා කොමිසමේ වැඩකටයුතු අඩාල වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ තොරතුරු සෙවීම සඳහා උසස්‌ නිලධාරිනිය තවත් දෙදෙනකු සමග කොමිසමේ අවසරයකින් තොරව සිංගප්පූරුවට යැම සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් කොමිසම නිදහසට කරුණු විමසීමක්‌ කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.

2012 නොවැම්බර් 11 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාකර බලා වාර්තා කිරීම සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ රනිල්ගේ බත් බැලයෙකු ලෙසද මෙම විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක කටයුතු කර තිබේ.

Top