Featured

ගීතාට දුන් දේශපාලන තීන්දුවෙන් ද්‍රවිධ ජාතික සන්ධානයට කෙලවෙයි…..TNA ගෙඩිය පිටින් ගෙදර

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව අභියාචනාධිකරණය ලබා දුන නඩු තීන්දුව නිසා, සමස්ත පාර්ලිමේන්තු සංයුතියම අවුලෙන් අවුලට පත්ව තිබේ. මේ අනුව දමිළ සංධානයේ සියළුම පාර්ලිමේන්තු ආසන අහිමි වීමේ අවධානමකට ඔවුන් පත්ව සිටී.දෙමළ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රීවරුන්ට ඉන්දිය -ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබිම ඊට ප්‍රධාන හේතුවයි.

දකුණු පළාත් එජාප පැරදුනු අපේක්ෂකයෝ නැවත නඩු ගොනු කිරීමට සූදානම් වන්නේ ගීතා කුමාරසිංහගේ නම ඇතුලත් කල නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා සියල්ල නීති විරෝධී බව දක්වමිනි. එසේ වුවහොත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ආණ්ඩුවේ අය සේම රමේශ් පතිරණ, මොහාන් ද සිල්වා වැනි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද සිය අසුන අහිමි වෙයි. එයින් ද නොනැවතී සංධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි සහ ෆයිසර් මුස්තෆා ද අවදානම් කලාපයේ රැදී සිටී.

තත්ත්වය එසේ වුවහොත් දමිළ සංධානයට එරෙහිව නීතිමය කටයුතු කරන්නට ඒකාබද්ධ විපක්ෂය සැරසේ. උතුරු හා නැගෙනහිර දෙපලාතම නියෝජනය කරන පිරිස්වල ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයින් දමිළ සන්ධානය හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් දමිල සන්ධානයේ සියළු පාර්ලිමේන්තු ආසන ඔවුන්ට අහිමි වී යාමේ අවධානමක් ඇති බව දේශපාලන නීති විශාරදයින් පවසයි.

Top