Breaking
24 Feb 2025, Mon

ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් යහපාලන ඇමතිත් අන්දන්න සැරසේ

ලංකා රාජ්‍ය ආයතන ඉතිහාසයේ ප්‍රථම වරට එක් ආයතනයකට අළුතින් බඳවා ගන්නා සේවක පිරිසක් සඳහා ලබාදෙන වැඩිම කාලය වන වසරක පුහුණුවක් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය, මත්තල කාර්යාලය තෝරාගෙන ඇත. සේවක/ සේවිකාවන් 26 දෙනාගේ පුහුණුවට රුපියල් ලක්ෂ 50ක් පමණ වියදම් වේ.

විගණකාධිපතිවරයා විසින් අධිකාරියේ මෙවැනි පුහුණුවීම් වලදී සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ ලබාදී ඇති නිර්දේශ තුට්ටුවකට මායිම් නොකරමින් අදාළ පුහුණුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ඇස්තමේන්තු කර ඇත්තේ ඩන්කන් ජයවර්ධන නම් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික හිතවතකු විසින් වන අතර මෙය සාවද්‍ය හේතු දක්වා අනුමත කරගැනීමටද ඔහු සමත්ව ඇත.

තම ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල සමග මේ වන විට පවතින ආරවුල සමථයට පත් කරගැනීම සඳහා අදාළ පත්වීම් ලිපි ලබාදීමට අමාත්‍යවරයාට ආරාධනා කොට ඇති බව වාර්තා වේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ගැන සිය හිතවතකුට සිනහවෙමින් පවසා ඇත්තේ මේවට එෆ් සී අයි ඩී යන්න වුනොත් මට තනියම යන්න බෑ, ඒක නිසා ඇමතියටත් එන්න කිව්වා.

පසුගිය රජය සමයේ හිටපු ගුවන් සේවා ඇමති පියංකර ජයරත්නද මේ ආකාරයෙන්ම විවිධ වරදාන බලෙන්ම ලබාදී ගොනාට අන්දවා තමන්ගේ වැඩකරගෙන ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන් ඔහුගේ දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු නොදෙන බවද වාර්තා වේ. පියංකර ජයරත්නගෙන් වැඩ ගැනීම සඳහා ඇයගේ දියණිය අධිකාරියට බඳවාගෙන වැටුප් ගෙවීම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සම්පූර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක වුවත් ඔහු අල්ලස් කොමිසම ඇතුළු සියලු කමිටු වෙත දන්වා ඇත්තේ තමාට හිටපු ඇමතිවරයා බලකර නිසා එසේ සිදුකල බවයි. ඒ ගැන හිටපු ඇමති පියංකර පවසා ඇත්තේ ‘මූ වගේ කපටියෙක් මගේ ජීවිතේටම දැකල නෑ‘

තවද අධ්‍යක්ෂ ජනරාල් විසින්ම එහි මූල්‍ය අංශ ප්‍රධානී හරිස්චන්ද්‍ර නැමැත්තකු ලවා මතු ආරක්ෂාව සඳහා බව කියමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක් සටහන් කරමින් පවසා ඇත්තේ පියංකර අමාත්‍යවරයා තමන් ලවා වැඩකරවා ගැනීමට තර්ජනාත්මක දුරකථන ඇමතුම් දෙන බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.