Featured

ගෙවල සෙවලයා මෛත්‍රීගේ විශ්වාසවන්තයාලු

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාවේ දෙදෙනෙකුගේ හැර අනිකුත් සියලුම දෙනා මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකිරිමට කැමත්ත පලකර තිබේ.ඒ අනුව අද රාත්‍රීයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාව රැස්වෙන බවට ගෙන ගිය ප්‍රචාරයට භයවු මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ පෙරේත සෙවලයා වන කොළඹ දිස්ත‍්‍රික්ක සන්ධාන අපේක්‍ෂක ප‍්‍රසංග සෝලංගආරච්චි යොදවා යහපාලන අධිකරණ(බල්ලට ගිය අධිකරණය) යොදවා  ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන තමන්ට ශ්‍රිලංකා නිදහස් පක්ෂය තුල පමණක් නොව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල තමන්ට විශ්වාසවන්ත කෙනෙකු නැති බව වටහාගෙන තිබේ.ඒ නිසාම සෝලංගආරච්චි වැනි ගෙවල සෙවලයන් දැන් මෛත්‍රීපාලට දෙවියන් බුදුන් වැනිය.

අද අධිකරණයට පැමිණ තහනම් නියෝගය රැගෙන යන අතරතුර මේ ගෙවල සෙවලයා නොහොත් සෝලංගආරච්චි අප වාර්තාකරුවෙකු සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පවසා ඇත්තේ “…ජනාධිපතිතුමා අද තනිවෙලා කවුරුත් නෑ එතුමාට විශ්වාසවන්ත.කෙනෙක්… මම තමයි දැන් ලගින්ම ඉන්නේ ….”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා යැයි කියාගන්නා මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග  අද වාරණ නියෝගයක් නිකුත්  කළා.

මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.

 

Top