Breaking
24 Feb 2025, Mon

ගොන්ජාගේ කළු පටි ගැලවේ,මහින්දානන්ද ගුටි කෑ ගොන්ජා බොරු කොණ්ඩය දමා දිවයයි

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා සහ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර අද පාර්ලිමේන්තු ලොබියේ ගැටුමක් ඇති වී ඇති බව අප විශේෂ වාර්තාකරු ලංකා ඇත්ත වෙත අනාවරණය කලා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අයත් ඩිෆෙන්ඩර් රථයක් පිළිබදව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අලුත්ගමගේ මහතාගෙන් විමසා ඇති අතර, ඒ පිලිබදව කරුණු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් පහදා දී ඇති අතර ඒ අසළට එම අවස්ථාවේ පැමිණි ඒ.ජා.ප. මන්ත්‍රීවරු 10 පමණ අලුත්ගමගේ මහතා වෙත වාග් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමකදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් “මම කරාටේ කළු පටි ශ්‍රේණියේ ශුරයෙකු” යැයි පවසා ඔහු විසින්ම ඔහුගේ පපුවට අතින් ගසාගෙන මහින්දානන්ද මන්ත්‍රීතුමා වෙත පහර දීමක්ද සිදුකොට ඇත.

නමුත් අවසානයේ අලුත්ගමගේ මහතාද නියෝජ්‍ය අමාත්‍යවරයා හට දැඩි පහර දීමක් සිදුකොට ඇති අතර, රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැළද සිටි බොරු කොණ්ඩය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ ප්‍රහාරය හමුවේ කඩා වැටීමද විශේෂත්වයකි. එම මොහොතේ රන්ජන් රාමනායක මහතා දැඩි අපහසුතාවයකට පවත්වූ බව අප විශේෂ වාර්තාකරු ලංකා ඇත්ත වෙත අනාවරණය කළා.

බොරු චෝදනා කිරීම නවතා වැරදි ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙසින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීමට යාමේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට පහර දීමට ගත් උත්සහයක් නිසා මෙම ගුටි බැට හුවමාරුව ඇතිවී තිබේ.

මේ අතර මේ වන විට අනාවරණය වී ඇත්තේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් අපරාධ රැසකට සම්බන්ධ යයි කියමින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නවතා තිබියදී මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන ලද ඩිෆෙන්ඩර් රථය නියෝජ්‍ය ඇමති මොහොමඩ් ආරිස් ගේ බවයි.

මෙම මහා හෙලිදරවුව කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේද සම්බන්ධ වූ අතර ඔවුන් දෙදෙනා කියා සිටියේ මෙම වාහනය හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ විසින් යොදා ගත් එකක් බවයි.

කෙසේ වෙතත මොහොමඩ් ආරිස් නියෝජ්‍ය ඇමතිවරයාද මෙම රිය තමන්ට අයත් එකක් යයි තහවුරු කලේය.

[box type=”warning” ]මෙම ගැටුමට මුල් වූයේ වචන හුවමාරුවක්‌ බව එම අවස්‌ථාවේ එම ස්‌ථානයේ සිටි මන්ත්‍රීවරයෙක්‌ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

“ඔයා තමයි ඔක්‌කොම කුණු අදින්නේ” රන්ජන් රාමනායක දුටු වහාම අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

“ඔයාගේ නෝනා තමයි මට මේ ඔක්‌කොම කුණු දෙන්නේ” රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ද පිළිතුරු දී තිබේ.

“චිත්‍රපටිවල පාට්‌ මෙතන බෑ..”

අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියද්දී චිත්‍රපටිවල වගේ මට ගහගන්නත් පුළුවන් යෑයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ද ප්‍රකාශ කළ බව සිද්ධිය ඇසින් දුටු මන්ත්‍රීවරයෙක්‌ කීවේය.[/box]

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.