Breaking
23 Feb 2025, Sun

ගොන් කතා කීමට ප්‍රසිද්ධ කිරිඇල්ලට අනිමුද ටොක්කක්-අශීලාචාරයෝ කවරහු ද?

අද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්‍රිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්‍රකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්‍රිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්‍රිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර නම් මෙරට ව්‍යවස්ථාව අශීලාචාර විය යුතු ය. එය ජේ ආර් ජයවර්ධනගේ අශිලාචාර කමක් යැයි කබීර් හෂීම් පවසන්නේ ද?

මෛත්‍රිපාල සිරිසේන පසුගිය දින දෙසියයක පමණ කාලයෙහි ඉතා පැහැදිලිව තමා රාජ්‍ය පාලකයකු තබා නායකයකුවත් නොවන බව පෙන්වා දී ඇත. ඔහුට තීරණයක් ගැනීමට නො හැකි ය. ඔහු බලයට පත් කෙරුණේ බටහිර හා ඉන්දීය ඔත්තු සේවාවල අවශ්‍යතාව මත මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීම සඳහා ය. මෛත්‍රිපාලට විවිධ බලපෑම් කෙරෙයි. එංගලන්තය, ඇමරිකාව ඉන්දියාව ආදී රටවලට අමතරව මෙරට විජාතික බලවේග ඔහුට බලපෑම් කරයි. ඒ අතර ශ්‍රී ල නි ප හා සංධානය මගින් ඔහුට ජාතික බලවේග විසින් කරන බලපෑම් ද වෙයි. මෛත්‍රිපාල ඒ බලපෑම් අතර දෝලනය වෙයි. එහෙත් අවසානයේ දී ඔහු කරන්නේ විජාතික බලවේගවලට අවශ්‍ය දේ ය.

කබීර් හෂීම් අප ගැන කුමක් කීවත් මෙරට අශිලාචාරයෝ සිටිති. මෛත්‍රිපාල ඉන් එක් අයකු පමණකි. මෛත්‍රිපාල සිරිසේන වාරණ නියෝගයක් මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරයේ එල්ලී සිටියි. ශ්‍රී ල නි පක්‍ෂයේ ව්‍යවස්ථාව එතරම් කල්පනාකාරීව කෙටුම් පත් කරන ලද්දක් නො වේ. එහි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාන්‍ය රැස්වීමක් කැඳවන්නේ කෙසේ දැයි සඳහන් නො වේ. පක්‍ෂයේ සභාපතිට මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එමෙන් ම මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි විට ලේකම්ට හෝ සභාපතිට හෝ විශේ’’’ෂ රැස්වීමක් කැඳවිය හැකි ය. එහෙත් ඒ සඳහා මසක කාලයක් ගත වෙයි. ඒ හේතුවෙන් ලේකම් මධ්‍යම කාරක සභාව කෑඳවීමට විරුද්ධව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත හැකි ය.

මගේ ප්‍රශ්නය වාරණ නියෝගයේ නෛතික භාවය පිළිබඳ ව නොව එහි දේශපාලනික හා සදාචාරාත්මක භාව පිළිබඳ ව ය. ඉතා පැහැදිලිව මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමේ එල්ලී සිටීමට අවශ්‍ය වෙයි. ඔහු තවදුරටත් හදවතින් ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වේ. ඔහු අද වන විට එ ජා පාක්‍ෂිකයෙකි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දරන්නේ එ ජා පක්‍ෂය වෙනුවෙනි. ඕනැම ගොනකු කියන දේ කියන ලක්‍ෂමන් කිරිඇල්ලට අනුව නම් ශ්‍රී ල නි ප නායකයා ම ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්දට අගමැතිකම නොදෙන බව පවසා මහින්ද පරදින බව ද කියා ඇත. ගොන් කතා කීමට ප්‍රසිද්ධ කිරිඇල්ලට අනුව නම් පක්‍ෂ නායකයා ම මහින්ද පරදින බව පිළිගෙන ඇති බැවින් සංධානයට ඡන්දය දීම වැඩක් නැත. එහෙත් සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වන්නේ නමට පමණකි. ඔහු අද වන විට හදවතින් එ ජා පාක්‍ෂිකයෙකි. ඔහුට අවශ්‍ය එ ජා පක්‍ෂය දිනවීම ය.

සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදියකු නම් කළ යුත්තේ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට විරුද්ධව වාරණ නියෝග ගන්නා වාරණයකු (වානරයකු) වීම නොව මධ්‍යම කාරක සභාව රැස්කිරීමට ඉඩ දී (ඔහුට රැස්විමක් කැඳවිය හැකි ය) ඔහුගේ සභාපතිත්වය තහවුරු කර ගැනීම ය. ඔහුට පක්‍ෂය කැමති නම් පක්‍ෂයට අවශ්‍ය ඔහු සභාපති ලෙස කටයුතු කරනු දැකීම නම් ඔහු කළ යුත්තේ මධ්‍යම කාරක සභාව කැඳවා තමා කෙරෙහි විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත කර ගැනීම ය. එය දේශපාලනික ව මෙන් ම සදාචාරාත්මක ව ද නිවැරදි වෙයි. මෛත්‍රිපාල ඒ වෙනුවට නීතිය පසුපස ගොස් එ ජා පක්‍ෂය වෙනුවෙන් ශ්‍රී ල නි ප සභාපතිකම අත් නොහරියි. මෙය බල ලෝභය නොවන්නේ යැයි කියන්නේ කවු ද ? කිරිඇල්ල ද?

රනිල් වික්‍රමසිංහ වාරණ නියෝගයක් මගින් කෝප් වාර්තාව (තොරතුරු) ප්‍රසිද්ධ කිරීම වළකයි. රනිල් බේරා ගැනීමට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරියි. ඒ සියල්ල නීත්‍යානුකූල විය හැකි ය. එහෙත් ජනතාවට තොරතුරු දැනගැනීමට වැළැක්වීම, ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට තමන්ට කැමති සභාපති කෙනකු තෝරා ගැනීමට අවස්ථාව නො දීම, හොරුන් රැකීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙතරම් ශීලාචාර දැයි කබීර් හෂීම්ගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කබීර් හෂීම්ට අශිලාචාරයන් දැක ගැනීමට එතරම් දුර යා යුතු නො වේ. එ ජා පක්‍ෂය දූෂිතයන්ගෙන් අශීලාචාරයන්ගෙන් හොරුන්ගෙන් ජාතිය පාවා දෙනන්නන්ගෙන් පිරී ඉතිරී ඇත. කබීර් හෂීම්ට ඒ නොපෙනීම පුදුමයක් නො වේ. නීතියට මුවා වී මහින්දගේ ආරක්‍ෂාව අඩු කිරීමට උසාවි යන වික්‍රමබාහුට අවශ්‍ය ඔහුට අනුව ධනපති අධිකරණයක් වූ උසාවියක් මගින් මහින්ද ඝාතනය කිරීමට ඔහුගේ මිතුරන් වූ කොටින්ට ආධාර කිරීම ය. ඒ අන්දමට ම මානව අයිතිවාසිකම් කමිටුව ඉදිරියට යන අනුර දිසානායකට ද අවශ්‍ය මහින්ද ඝාතනය කිරීම ය. වික්‍රමබාහු ද අනුර දිසානායක ද අශිලාචාරයෝ හා ඝාතක ආධාරකරුවෝ වෙති.

ඉහත සඳහන් කරුණු ද දෝෂාභියෝග යෝජනාවට අඩංගු විය හැකි බව පමණක් දැනට සටහන් කරගන්නා මෙන් කබීර් හෂීම්ගෙන් ඉල්ලා සිටිමි. දෝෂාභියෝගය ගෙන ඒම සඳහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සංධානයට ලබා දීම ජනතාවගේ කාර්ය භාරය වෙයි. සිකුරාදා පවත්වන ලද අනුරාධපුර රැස්වීමෙන් නම් පෙනී යන්නේ මහින්ද ගෙදර යැවීමට විජාතික බලවේග විසින් බලයට පත් කෙරුණු රනිල් හා මෛත්‍රිපාල ගදර යන දිනය වැඩි ඈතක නොවන බව ය.

අනුරාධපුර රැස්වීමෙන් පසු විජාතික බලවේග විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂය යළි ඉපදී ඇත. පක්‍ෂය දැන් අලුත් ගමනක් යයි. එහි දී ජාතික බලවේග කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු වෙයි.

නලින් ද සිල්වා

2015 ජූලි 18

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.