Breaking
24 Feb 2025, Mon

ගොවි අඹුඩයට මුවාවී සකල ලෝ වාසීන් ‍රැවටූ ගුනමකු කෛරාටිකයා

සිරිසේන යනු රජරට ගොවියාගේ අඹුඩයට මුවාවී සකල ලෝ වාසීන් ‍රැවටූ ගුනමකු කෛරාටිකයෙකි. සිරිසේන මාර්කට් වූයේ සරල චාම් ගොවි අඹුඩයකිනි. නමුත් සිරිසේනලාගේ ඇත්ත කථාව ඊට හාත්පසින්ම වෙනස්ය. සිරිසේන ඇමතියා වූ කාලේදීම සාමජිකයන් 11 දෙනෙකුගෙන් යුතු පවුලම ධන කුවේරයන් බවට පත් වූයේය. ඒ අන් කිසිවකින් නොව සිරිසේනගේ අවදේශපාලනය නිසාය.ගස් ගල්, ඇල වේලි, වැව් අමුනු පමනක් නොව පොලොන්නරුවේ වැලි කැටය පවා සිරිසේන පවුලේ සාහසික ගොදුරු විය. බෙලීස් කැසිනෝ හලේ වැඩිම මුදලක් විසිකරන පුද්ගලයා වූයේ ඩඩ්ලි සිරිසේනය. පොරෝ පහර නොවිනි නම් මහවැලි ගග මූදට වැටෙනුයේ මඩකලපුවෙනි. වැලි ජාවාරම එතරම් දරුණු විය. කරුවලගස්වැව සමුපකාරයේ වැඩකරන අතරතුර ගස් කපා කුරුනෑගලට පැටෙව්වේය. සිරිසේනගේ පවුල මුන ගැසුනේද එහෙව් කොට ඉරන ලී මඩුවකදීය. දන්න ඉතිහාසයේ ඇල්බට් සිරිසේනගේ සිට සත් ගුනවත් දහම් සිරිසේන දක්වා ලැයිස්තුවම උපන් ගෙයි හොරුය.
සිරිසේනගේ පියා හමුදා කදවුරක වැඩකල බැට්මන් කෙනෙකි. එම ‍රැකියාව අහිමි වූ පසු පොලොන්රුවට පැමිනියේ වැලේ වැල් නැතිවය. ගොව් ජනපද ව්‍යාපාරය යටතේ එහි පැමිනියද කිසි දිනෙක ගොවිතැන් නොකලේය.ගොවිතැන වෙනුවට කලේ සලාක බෙදීමය. ජානපදිකයන්ට රජයෙන් ලැබුනු වියලි සලාක හා බෙහෙත් ද්‍රව්‍ය බෙදීම ඇල්බට් සිරිසේන අතට ගත්තේය. අත යටින් සලාක බෙදීම නිසා 11 දෙනෙකු ගෙන් යුතු පවුල නඩත්තු කිරීම ඇල්බට් සිරිසේනට ගේමක් නොවිනි . වියලි ආහාර පි‍ටුපස දොරින් විකුනා අමතර ආදායමක් ගත්තේය. එපමනක් නොව දිසාපතිගේ සිට ගොවි නියාමකගේ අල්ලන සෙල්ලම් වලට පොට් එක වූයේද ඇල්බට් සිරිසේනගේ නිවසය.රජයේ නිලධාරින් රත් වීමට සහ හාන්සි වීමට ඇල්බට් සිරිසේනගේ නිවසට නිතර පැමිනියේය. ඒ පිහිටින් ඇල්බට් සිරිසේනට ගම්මුලාදෑනි තනතුරක් ලැබිනි. නන්දාවතීට ප්‍රාථමික අංශයේ පාඨශාලාචාර්ය තනතුරක් ලැබිනි. රජයෙන් ලැබෙන වැ‍ටුප් 2ට අමතරව යටිමඩි ආදායමක් ද ලැබූ හෙයින් ඇල්බට් සිරිසේන කිසි දිනක කුඹුරට බැස්සේ නැත.

සිරිසේනට උපතින්ම අකුරු ඉලක්කම් මීටර් නොවූයේය. පාසැල් යාමට වඩා ප්‍රියකලේ ගෝනි සෙල්ලම් වලටය. ගෑනු නාන තොට අස්සේ කැරකෙමින් දවසේ ආදායම සොයා ගත්තේය. සිරිසේන දේශපාලනයට ගොඩ වූයේ ජවිපෙ පන්ති පහ තුලිනි. පසු කාලයේදී අත් අඩංගුවෙන් බේරීමට ජවිපෙ නම් ලැයිස්තුව පොලීසියට ලබා දුන්නේය. නමුත් ගැලවුමක් නොවු සිරිසේන හිරේ ගියේය, හිර ගෙදර තුලදී අසූචි ප්‍රහාරයට ලක් විය. හිරෙන් නිදහස් වූ පසු ලීලාරත්න විජේසිංහ ලග පින්සෙන්ඩු වි පළුගස්දමන සමුපකාර සමිතියේ ‍රැකියාවක් ලබා ගත්තේය. පළුගස්දමනට ගිය සිරිසේන හොර කොට බිස්නස් කලේය. අවකල් ක්‍රියාව නිසා සමුපකාර ‍රැකියාව අහිමි විය. අනතුරුව මින්නේරිය මන්ත්‍රී රත්නදේශප්‍රියට ගොට්ට අල්ලා ග්‍රාම සේවක තනතුරක් බා ගත්තේය. එතැන් සිට තමාට පලමුව පිහිටවූ ලීලාරත්න විජේසිංහ නැති කිරීමට වැඩ කලේය. රත්නදේශප්‍රිය හරහා අනුර බන්ඩාරනායකට සෙට් වුනේය. මින්නේරිය අතුරු මැතිවරණයේදී රත්න දේශප්‍රියට එහිව කුමන්ත්‍රනය කොට ඔහුව නැති කර දැමීය. අනුරගේ පිහිටින් 1981 දී පොලොන්නරුව්වේ ප්‍රධාන සංවිධායක බවට පත්වූයේය. 1983 දී පකෂයේ තරුණ සංවිධානයේ උපසභාපති බවට පත්වූයේය. අවසානයේ අනුරටද ද්‍රෝහී විය.

තාත්තා කල දේ පුතා නොකල නම් ඌ නොට්ටිගෙ පුතාලු. ගෑනු නාන තොට අස්සේ කැරකෙමින් සිරිසේන දැමූ සෙල්ලං දහම් පුතා දැම්මේ ඩිජිටල් ක්‍රමයටය. සිය දෝනියන්ගේ දෙදෙනාගේ කැ‍රැට්‍ටුවද ඊටනොදෙවෙනි විය. හද පානේ පැනයාම සිරිසේනට වූ ලොකුම තර්ජනය විය. පාසිකුඩා වෙරලේ කාන්තාවන්ගේ ගල් සැට් වීඩියෝ කල දහම් සිරිසේන ගේ කතා වස්තුව කෙලවර වූයේ උසාවියෙනි. පුතා අත් අඩංගුවෙන් බේරාගැනීමට වලි කෑ ඇමති සිරිසේන පැය 8 පොලීසියේ තැප්පේය. සිරිසේන පුතා වීඩියෝ කර තිබුනේ නි.පොලිස් පති රවී වෛද්‍යාලංකාරගේ ලේලීගේ ගල් සැට් එකය. සිරිසේන පුතාට ගල් සැට් එකවීඩියො කිරීමට ඉඩ නොදීම නිසා අසේල වෛද්‍යාලංකාර ගුටි කෑවේය. සිද්දිය ගොඩින් බේරාගැනීමට රවි වෛද්‍යාලංකාර ට කථා කල සිරිසේන කීවේ කුමක්ද ? මෙවැනි වැඩ කොලු කාලයේ අනන්ත අප්‍රමානව තමාද කල බවය. පුත්‍රයා වෙනුවෙන් ඔහු සමාව ඉල්ලුවේය. සිරිසේනලාට එහා ගිය වල් කුපාඩියෙකු වූ වෛද්‍යාලංකාර සිරිසේනගේ කථාවට එක පයින්ම හූමිටි තිබ්බේය. නීතිය බල්ලාට ගියේය. සිරිසේන ජනපති වූ විගස වෛද්‍යාලංකාරට FCID බාර දුන්නේය. ඒ පාසිකුඩා නීතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටය.

ජනවාරි 8 සිරිසේන බලයට ආවේ සිය නායකයාට පි‍ටුපස සිට පිහියෙන් ඇනීමෙනි. නිකමෙකු වූ තමන් මහා පක්ෂයක මහලේඛම් ධූරය දක්වා ඔසවා තැබූ ජනතාවට ද්‍රෝහී වීමෙනි. බලයට පත්වී වසරක් වැනි සුලු කාලයක් තුල මෙතරම් ජන අප්‍රසාදයට ලක්වූ පාලකයෙකු නොමැත. මංදිර වලට බැන අඩගැසූ සිරිසේන අරලියගහ මැදුරේ කක්කුසියත් විකුනං කෑවේය . නමුත් සිරිසේන ඉදි කල නව මාලිගයේ වටිනාකම් මිලියන 800 කි. අලුතින් ඇනවුම් කල බෙන්ස් කාරයෙ වටිනාකම මිලියන 300. සරල සිරිසේන පෙන්නුවේ යන්නෙ කෝච්චියේ, පොල් කට්ටෙ න් වතුර බොන්නෙ, සපත්තු ගන්නේ පෙමන්ට් එකෙන් , රෙන්නෙ පිලිකන්නෙ කියල. නමුත් අද ඇට මිරිකන්ඩ , මසාජ් කරන්ඩ, මේකප් කරන්ඩ මහජන මුදලින් වැ‍ටුප් ලබන කාර්ය මණ්ඩලයක් ඉන්නව. නි.පො වික්‍රමසිංහ යටතේ සිරිසේනට බඩු සෙට් කරන්ඩ වෙනම ටීම් එකක් ඉන්නව. මේකප් දාල රෑට රෑට වික්‍රමසිංහයා එක්ක අවලමේ ගිහිල්ල බඩු ගහන්නේ කාගෙ සල්ලි වලින්ද ? ජනාධිපතිවරණයට ප්ලේන්ටියක් වැය නොකල සිරිසේනයා බඩුම ගහයි උගෙ සල්ලි වලින්. ..මූට එහා මුගේ ලමයි සෙට් එක. බඩු ගහන්ඩ යන දහම් කොල්ලගෙ පස්සෙන් ඩිෆෙන්ඩර් 6ක් යනව ආරක්ෂාවට .නොදකිං ..නොදෝමකිං . ගහපන් හෙන, සිරිසේනයාගෙ වලටත් ..

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.