Breaking
6 Feb 2025, Thu

ගෝඨාගේ ඉන්ජෙක්ෂන් එක වැඩකරයි… මහ බැංකුව පැය 24න් පිම්මක් පනී… සියයට 1ක පොලියට ණය

Published on: Jun 17, 2020-ඊයේ (16)මහ බැංකුවේ ප්‍රධානීන් සමග පැවැති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ රටේ ආර්ථික කුහකයන් ලෙස හදුන්වන මහ බැංකුව ජනතාව වෙනුවෙන් ඉදිරි 24 පැය තුල සහන රැසක් දියත් කිරිමට කටයුතු සුදානම් කර තිබේන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සියලුම බැංකු සහ ලියාපදිංචි මුල්‍ය ආයතන වෙනුවෙන් සියයට 01(01%) පොලී ප්‍රතිශතයක් සමගින් මුදල් නිකුත් කිරිමට කටයුතු කරනු ඇති අතර එම මුදල් අදාළ මුල්‍ය ආයතන හෝ බැංකු හරහා සියයට 04(4%) පොලී සහනය යටතේ නිකුත් කලයුතු වේ. මහා බැංකුව අදාළ මුදල් නිකුත් කිරිමේදි ඒ ඒ මුල්‍ය ආයතන සහ බැංකු සතු මුල්‍ය තක්සේරුව සලකා බලන බවද වාර්තා වේ.

රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දිය නොහැකි බවත් රට මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට බැවින් වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ කිරීමේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට බවත් පවසමින් ජනාධිපතිවරයා ඊයේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැඩි ලෙස චොදනා එල්ල කළා.

මහ බැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන ජනාධිපතිවරයා සිය අප්‍රසාදයද එහිදි පලකර සිටියා.

Central Bank of Sri Lanka

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.