Featured

රනිල්-රේනෝ කුමන්ත්‍රණය පලමු පිම්ම පනී….මරණ දඩුවම හිමි දුමින්ද සිංගප්පූරුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු කරමින් සිටින් බවට අප ඊයේ කල අනාවරණය තහවුරු කරමින් අද භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීම සදහා රැගෙන ගොස් තිබේන අතර පසුව එම කුමන්ත්‍රණයේම කොටසක් ලෙස දුමින්දට ප්‍රතිකාර කිරිමට රෝහලේ පහසුකම් නැති බව දන්වා බාර ගැනිම ප්‍රතිකේෂ්ප කර තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල දුමින්ද සිංගප්පුරුවේ මවුන්ට් එලිසේබෙත් රෝහලට රැගෙන යෑමට අධිකරණය හරහා අවසරයක් ලබා ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා බන්ධනාගාර රෝහල් තුල ඇති අනාරක්ෂිත බව දක්වමින් හදිසි වාර්තාවක්ද සකස් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඉක්මනින්ම ඈප ලබා ගැනිමට කටයුතු කරන බවත් ඒ වෙනතෙක් දුමින්ද ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවිමට කටයුතු ඉක්මනින්ම සම්පාදනය කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුමින්දගේ සහෝදරයා වන හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වාට පොරොන්දු ලබාදි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා අගමැතිවරයා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවි ඇති අතර එහිදි දෙදෙනා අතර පැයක පමණ කාලයක් සාකච්ඡා කර තිබේන අතර දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේන බව අප අනාවරණය කළේ ඊයේ දිනයේය.

අදාළ අනාවරණය පහතින් බලන්න …………..

http://www.lankanewsweb.today/archives/14201

බන්ධනාගාර රෝහලේ අනාරක්ෂිත බව පෙන්විමට අදාලව සකස් වෙන ලිපිය…. පිටු ගණනාවක් අදාළ වාර්තාවේ ඇති අතර අප මේ ඉදිරිපත් කරන්නේ ඉන් කොටස් කිහිපයක් පමණී.

latterp-1 latterp-2

Top