2009 මැයි 19 වැනි දින මතුපිටින් තිබූ බෙදුම්වාදය පරාජය කළද වසර 7ක් යන්නට මත්තෙන් යුද්ධය ජයගත් විරැවන් සියලු දෙනා ලංකාව තුළදීම නීතිමය දඩු කදේ ගැසීමට දෙමළ ඩයස්ෆෝරාව සමත් වී ඇති බව හේතු සහිතව මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.
පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට අවකාශ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක (රුපියල් බිලියන 11.4ක) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 19ක් යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඉහළ තනතුරු දැරූ විත්තිකරුවන් 08 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී.එම්. සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ සභාපති හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ ලේකම් මේජර් වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ ප්‍රධාන විධායක මේජර් කරුණාරත්න බණ්ඩාර අධිකාරි එගොඩවෙල, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ඩී.ඩබ්ලිව්.ඒ. සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් සිරිකුමාර කොළඹගේ, වයිස් අද්මිරාල් මැක්සිමස් ජයන්ත පෙරේරා යන 08 දෙනා අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණි.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනාට අධිකරණය විසින් ඇප නියම කර ඇති බවවාර්තා විය.ඒ අනුවඑක් අයෙකුට රුපියල් ලක්ෂ 2ක බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප නියම කර ඇති අකර විත්තිකරුවන් 7 දෙනාගේ විදේශ ගමන ද තහනම් කෙරිණි.
අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන්ට නඩු පවරනු ලැබුවේ, ඇවන්ට් ගාඩ් ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් මිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි.
මේ නඩුව ඔප්පු කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් සාක්‍ෂිකරුවන් 60 දෙනකු සහ නඩු භාණ්ඩ 218ක් ඇතුළත් ලේඛනයක්ද ඉදිරිපත් කර ඇත.
මේ අකාරයේ නීතිමය සහ දේශපාලනික තත්ත්වයක් 2010 පැවති ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකා යුධ අධිකරණ ක්‍රියාදාමයක් මගින් යුධ හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේදී ද මතු විය.ඒ අවස්ථාවේදී සරත් ෆොන්සේකා විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරමින් යුධ අධිකරණය අධිකරණයක් නොවන බවට සහ සරත් ෆොන්සේකා යුධ හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට නීති තර්ක ඉදිරිපත් කර සිටියේය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව යටතේ මන්ත්‍රීධූරය අහිමි වීම සම්බන්ධවද තර්ක මතුවිය.
මෙහිදී අභියානාධිකරණය විසින් මේ ප්‍රශ්නය විසදීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අතර අගවිනිසුරැ අශෝක ද සිල්වා, ශිරාණි බණ්ඩාරනායක, සලීම් මාර්ශුෆ්, ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රීපවන් යන විනිසුරැවරැන් මේ ප්‍රශ්නය විසදන ලදී.
මෙම නඩුවලින් මතුවන සමාජ දේශපාලනික සිදුවීම වන්නේ එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එකතුවී සරත් ෆොන්සේටෙ විරැද්ධව නීතිය ක්‍රියාවේ යොදවද්දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටී සමාජ සහ නීති බලවේග, අද සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ එකතු වී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයට එරෙහිව නීතිය යොදවද්දී රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ද පෙනී සිටීමය. (මෙය දෛවයේ සරදමකි)
සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂ එකිනෙකා විරසක කරන ලද්දේ දෙමළ ඩයස්ෆෝරාව බවටද සමාජය අතර මතයක් ඇත. එනම් අවසානයේ සිදු වී ඇත්තේ 2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී අවසන් කළ බෙදුම්වාදය නව මෙහෙයුමක් සහ අධිශ්ඨානයකින් වෙනත් මුහුණුවරකින් ලාංකීය සමාජය වෙළාගෙන යමින් ඇති බවයි. එය මේ වන විට මැනවින් ජනතාවට පෙනී යයි. එදා සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි දෙමළ ඩයස්ෆෝරාව අද ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන්ද පෙනී සිටීමට පටන් ගැනීම දෛවයේ සරදමක් වනවා මෙන්ම පවතින සමාජ දේශපාලනික ඛේදවාදකයද නිරෑපණය කරයි.
ජෝන් ඩොයිලි සිංහල බස සහ බුදු දහම ඉගෙන කන්ද උඩරට අත්කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට සසාය දුන් ආකාරයට අධිකරණය සහ සිරගෙවල් පෙන්වා යුධ විරැවන් දඩයම් කරමින් රට යටත්කර ගැනීමේ මෙහෙයුම සියුම් ලෙස දෙමළ ඩයස්ෆෝරාව විසින් අරඹා ඇති බවද පෙනී යයි.
එමෙන්ම අධිකරණ විනිසුරැවරැ ඇතුළු නීති ප්‍රජාවේ බලවතුන් සිදුකරන දූෂණ සහ විශමාචාර පිළිබද වික්ටර් අයිවන් විසින් රචිත අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය කෘතියේ එන කරැණු ඇතුළත් උසාවිය නිහඩය චිත්‍රපටයද මේ වන විටඅධිකරණයේ වාරණයට ලක් වී ඇත. යහපාලනය සංහිදියාව බෝඩ් ලෑල්ලට මුවා වී මේ සිදු වන්නේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ඒකාධිපතිවාදයක් කරා රට තල්ලු වීමේ දිසාවකටය. මෙහි වාසි අත්වන්නේ බලවතුන්ට පමණක් වන අතර ධනය සහ බලය නොමැත්තේ ඉන් තවත් අසරණ වෙති.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරැව යන්න පමණත් අවසානයේ ඉතුරැ වෙයි.