Breaking
6 Feb 2025, Thu

ගෝඨා දැන දැනම රටේ ජනතාවගේ ජිවිත අවදානමකට ලක්කරලා…කොරෝනා වෛරසය අස්සේ සැමන් ජනතාවට දිම උචිත නෑ! සැමන් මිනිස් ශරිරයේ ප්‍රතශක්තිකරණය අඩුකරනවා….

Published on: Mar 21, 2020- කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මෙන්ම එම රෝගය සම්බන්ධයෙන්ද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කිසිදු දැනුවත් භාවයකින් තොරව කටයුතු කර තිබේන බව තවදුරටත් තහවුරු වෙමින් තිබේ.

රෝගය පැතිරයාම වැලැක්විම වෙනුවට ජනතාව එකරාශී වන ආකාරයේ දේශපාලන තින්දු ගැනිමට අමතරව ජනතාව ඇන්දවිම සදහා සැමන් රුපියල් 100ට ලබාදිම හේතුවෙන් රටේ ජනතාවගේ ජිවිත අවදානමකට ලක්කර තිබේන බව අද අනාවරණය වුනා.

අද උදෑසන කොරෝනා මර්දණය සම්බන්ධයෙන් නිවස්වල රැදි සිටින ජනතාව දැනුවත් කිරිම සදහා රාජපක්ෂවාදි දිලිත් ජයවීරගේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට  එක්වෙමින් වෛද්‍යවරුන් සදහන් කලේ මිනිස් ශරිරයේ ප්‍රතශක්තිකරණය අඩුකරන සැමන් වැනි ආහාර කැමට ගැනිම මෙවන් අවස්ථාවක උචීත නොවන බවයි.

කොරෝනා හෙවත් Covid 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය නතර කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා සටහනක් තබා ඇති අතර එහි දක්වා තිබුනේ පෙබරවාරි 26 දා කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ස්ථාපනය කල බවයි.

එසේ නම් ජනතාවගේ ජිවිත් දැන දැනම අවදානමකට ලක්කිරිම සදහා ජනපති සැමන් 100ට ලබාදුන්නේ බාල සැමන් කන්ටේනර් 90 ජනතාවට බෙදාදි සිය දේශපාලන හිතවතුන් සැනසිම සදහා නොවේද?

එම වැඩසටහනේන් උපුටා ගත් කොටස බලන්න …. 

 

100ට දුන්නේ බාල සැමන්???

නරක් වූ සැමන් ටින් කන්ටේනර් 90ක් රේගුවෙන් පැන්නන වෑයමක්

ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට තිබෙන සැකය මත වරායේ රඳවා ඇති ආනයනික ටින් මාළු බහාලුම් 90ක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා එම ආනයනකරුවන් උත්සාහ ගනිමින් සිටින බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම ආනයනකරුවන් විසින් ඒවායේ සාම්පල් නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ටින් මාළු තොග නිදහස් කර ගැනීම සඳහා තත්ත්ව පාලක දෙපාර්තමේන්තුව අවසර දී ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනවශ්‍ය බවට එම ආනයනකරුවන් සඳහන් කර සිටින බවද දැනගන්නට ඇත.

එම ටින් මාළු චිලී රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කර ඇති අතර එහි ක්ෂුද්‍ර ජීවීන් හමුවී ඇති නිසා එම ටින් මාළු තොග සහිත බහලුම් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අවසර දී නොමැති බවද කියැවේ.

එහෙත් එම ටින් මාළු බහාලුම් එම රටවලට ආපසු නොයවා ඒවා මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ආනයනකරුවන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද දැනගන්නට ඇත.

දෙනගම ධම්මික රණවීර, මවුබිම පුවත්පත, මාර්තු 2 වැනිදා 

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.