Breaking
25 Feb 2025, Tue

ඝාතන පිටුපස දේශපාලන හස්තයන් -බුද්ධි අංශ

මේ වන විට රටේ නැවතත් හිස ඔසවා ඇති පාතාල කණ්ඩායම් කිහිපයක් පිටුපස දේශපාලන හස්තයන් ඇති අය බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. පාතාලයට නැවතත් දේශපාලන රැකවරණය ලැබිමට පටන් ගෙන ඇති බැවින් මහා දවා‍ලේ් වෙඩි පිට වෙඩි තබමින් මිනී මරන්නට පටන් ගෙන ඇති බව බුද්ධි අංශ තක්සේරු කර ඇත.

ඉකුත් ආණ්ඩුව පැවැති වකවානුයේ ‍පොලීසිය ක්‍රියාත්මක කළ පාතාල මර්දන මෙහෙයුම්වලට බියෙන් රටින් පලාගොස් විදේශයන්වල සැඟවී සිටි පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් රැසක්ම නැවත මෙරටට පැමිණ ඇත්තේ නව ආණ්ඩුව යටතේ පාතාල මර්දන මෙහෙයුම් නතර කිරීම නිසා බව බුද්ධි අංශ තහවුරු කරවීය.

එම පාතාල අපරාධකරුවන් සහ කල්ලි නායකයන් මෙරටට එන්නේ පසුගිය මහා මැතිවරණ සමයේදී බවත් ඒ අය විවිධ දේශපාලනඥයන්ට කිට්ටුවී ඔවුන්ගේ ආධාරකරුවන් ලෙස මැතිවරණ කටයුතුවල ප්‍රසිද්ධියේ නිරත වූ බව බුද්ධි අංශ අනාවරණය කළේය. ඇතැම් පාතාල අපරාධකරුවන්ව මෙරටට ගෙන්වාගෙන ඇත්තේ ද දේශපාලනඥයන් විසින් බවට සැක කරන තොරතුරු බුද්ධි අංශ වෙත ලැබි ඇත.

මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු පැවැති 2015 වසරේ ජූලි 31 වෙනිදා කොටහේන ප්‍රදේශයේදී ඇමැති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට ටී 56 වර්ගයේ අවියකින් වෙඩි තැබුවේද දේශපාලන රැකවරණය ලැබූ පාතාලයේ පිරිසක් බව අනාවරණය විය. එම ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ භාරත ලක්ෂ්මන් ඝාතනයේ තුන්වැනි විත්තිකරු වූ දෙමටගොඩ චමින්ද බන්ධනාගාරයේ සිට බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගත්තේය. එම ප්‍රහාරයට සම්බන්ධ පාතාල අපරාධකරුවන් රැසක් කොටුකර ගනු ලැබුවේ ප්‍රහාරයට යොදා ගත් අවි ආයුධ සමගය.

බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනා ඇතුළු පාතාල කණ්ඩායමක් ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කර තිබුණු බව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන්ම අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් ‍පොලීසිය අධිකරණයටද කරුණු වාර්තා කර තිබිණි. බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් ඇතුළු අපරාධකරුවන් රැසක්ම ඩුබායි රටේ සිට මහා මැතිවරණ සමයේදී මෙරටට පැමිණි අය බව බුද්ධි අංශ අනාවරණය කළේය.

ඉතාලියේත් ඉන්දියාවේත් සැඟවී සිටි තවත් ප්‍රබල පාතාල අපරාධකරුවන් කිහිප දෙනෙක් පසුගිය මැතිවරණ කාලයේදී මෙටට පැමිණ දේශපාලනඥයන්ට කිට්ටු වී ඇති අතර ප්‍රබල කාන්තා දේශපාලනඥවරියකගේ ආරක්ෂකයෙක් ලෙසද ඩුබායි සිට මෙරටට පැමිණි පාතාල අපරාධකරුවෙක් සිටින බව බුද්ධි අංශ වෙත නිරීක්ෂණය වී තිබේ. කොළඹ නගරයේත් දකුණු පළාතේත් පසුගිය දින කිහිපය තුළ සිදුවුණු වෙඩි තැබිම් සහ ඝාතන සියල්ලටම පාහේ පාතාලයේ සම්බන්ධකම් ඇති බවත් ඒ සෑම පාතාල සාමාජිකයෙක්ටම පාහේ යම් දේශපාලන සම්බන්ධකමක් ඇති බවත් අනාවරණය වී තිබේ.

එම පාතාල ගැටුම්වල උච්චතම අවස්ථාවක් ලෙස ‍පොලීසිය දකින්නේ දෙමටගොඩදී බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයයි. භාරත ලක්ෂ්මන් ඝාතනයේ තුන්වැනි විත්තිකරු වූ දෙමටගොඩ චමින්ද නැමැත්තාව ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාරය එල්ල වන්නේ ඉකුත් 02දාය.

ඉකුත් 2015 මාර්තු මාසයේදී දෙමටගොඩින් හමුවූ මිනිස් අත්පා කොටස් සහ හිස නැති කඳ සම්බන්ධයෙන් මෙන්ම දියවන්නා ඔයෙන් හමුවුණු අත්පා කපන ලද මළ සිරුර සම්බන්ධයෙන් ද මතෛක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර අඩුම තරමින් එසේ ඝාතනයට ලක්ව ඇත්තේ කවුරුන්දැයි කියාවත් ‍පොලීසිය අනාවරණය කරගෙන නැත. ‍පොලීසිය සැකකරුනු ලැබුවේ එම ඝාතනයන් පාතාලයේ වැඩක් වන්නට ඇති බවය.

ගයාන් කුමාර වීරසිංහ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.