LNN SPY

ඝාතන සමය ඇරඹෙයි… වධහිංසනයට ලක්කර ඝාතනය කල තරුණයෙක් නාරාහේන්පිට… 16න් පසු සාක්ෂිකරුවන්ට ලැබු සෙනසුරු අපලය !

Published on: Nov 28, 2019 – නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු  මියගිය තරුණයෙකුගේ මල සිරුර සම්බන්ධයෙන් මේ වනවිට විවිධ තොරතුරු වාර්තා වෙන බව අප කොළඹ විශේෂ  වාර්තාකරු සදහන් කලා.එම තරුණයාගේ අන්‍යතාව පිළිබඳව මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශ නොවූවද විවිධ වද හිංසා වලට ලක් කොට ඝාතනය කර තිබේන බවක් දක්නට ඇති බවයි සිරුර ඇසින් දුටුවන් පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිස් පරික්ෂන ආරම්භ කර තිබේන අතර මල සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා යොමුකර තිබේ. (තවත් තොරතුරු බලාපොරොත්තු වන්න)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වසා දැමිම…

මේ අතර ඊයේ උදෑසන සිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වසා දැමිම හේතුවෙන් මේ වනවිට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටි.ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා ගැනිමට ඔහුන්ට හැකියාව නොලැබිම ඊට හේතුවයි.මාධ්‍ය ආයතනයකට  අපරාධයක් පිළිබඳව තොරතුරු  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත ලබා දිම සමාන්‍ය සම්ප්‍රදායයි.

රටේ සිදුවන ඝාතනයන් ජනතාවගෙන් සගවා තැබිම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වසා දැමීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර ඇති බව මෙම ඝාතන හරහා පැහැදිලි වේ.මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වසා දමා තවම ගෙවි ඇත්තේ පැය 24ක පමණ කාලයකි.

සාක්ෂිකරුවන් ඝාතනය කිරිම 

රාජපක්ෂ රේජිමය ක්‍රියාත්මක වු 2005-2015 වසර 10ක කාලය තුල නඩු කටයුතු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අයට අත්වු ඉරණම රටේ ජනතාවට අමතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

2008 – 2009 කාල වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් විවිධ වධහිංසනයට ලක්කර පසුව නිදහස් නොකරම ඝාතනය කර දැමුවේ ඔහුන් අධිකරණය හමුවේ සාක්ෂී ලබාදෙන බව දන්නා නිසා.

එපමණක් නොව මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය,ප්‍රගීත් අතුරුදහන් කිරිම ඇතුලු සමස්ථ ඛේදවාචකයන් රැසකට හේතු වුයේ රාජපක්ෂලාට එරෙහිව සාක්ෂිය.

නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු  මියගිය තරුණයෙකුගේ මල සිරුර…

.

Top