Breaking
24 Feb 2025, Mon

චන්ද්‍රානි බණ්ඩාරගේ නල්ලමලේ යහපාලනය………සම්මුඛ පරික්ෂණයට පැමිණී 66කට පයින් ගසා හොර පාරෙන් බදවාගෙන ..

ළමා රක්ෂණ අධිකාරියේ තනතුරු අටක් සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති අතර එම සම්මුඛ පරීක්ෂණයෙන් ලද ප්‍රතිඵල අනුව බඳවාගැනීම් සිදුකිරීමට යාමේදී විෂය භාර ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් එම බඳවාගැනීම්වලට බලපෑම් එල්ල කරමින් ඇය විසින් සකස් කරණ ලද නාම ලේඛණයක් ඉදිරිපත් කර තිබේ.

ළමා රක්ෂණ අධිකාරියේ කලමණාකරු (නීති), මාණ්ඩලික ලේකම්, වැඩසටහන් සහකාර, නීති සහකාර, කොට්ඨාශ ළමා ආරක්ෂක නිළධාරී, වීඩියෝ තාක්ෂණික සහකාර, කම්කරු සහ මනෝ චිතික්සක යන තනතුරු සඳහා මෙසේ සම්මුඛ පරීරක්ෂණ කැඳවා ඇති අතර ඇමතිවරිය විසින් එම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණි 66 දෙනෙකුගේ නාම ලේඛණයක් අදාළ බඳවා ගැනීමේ අංශ වෙත යොමු කර ඇත.

එම නාමලේඛණය යොමු කරමින් ඇය දන්වා ඇත්තේ තමන් විසින් එවනලද නාමලේඛණයේ 66 දෙනාට ප්‍රමුඛතාවය ලබාදී තවදුරටත් පුරප්පාඩු ඇත්නම් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි ඉතිරි පුද්ගලයන්ගෙන් අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කරන ලෙසය.

ඇමතිවරිය ඉදිරිපත් කළ 66 දෙනාගේ නාම ලේඛනයේ සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා ඇති 13 දෙනෙකුගේ නම් තිබෙන අතර අනෙකුත් නම් 53නම සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබා නොමැත.

අදාළ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවන්ගේ ප්‍රතිඵල ලේඛනය සහ ඇමතිවරිය විසින් ඉදිරිපත් කළ ඇයගේ ලේඛනය පහතින් පළ වේ.(ලංකා ටෘත්)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.