Featured

චන්ද්‍රිකා,රනිල් ලන්ඩනයේ රහසිගත සාකච්ඡාවක

අයවැය සම්බන්ධයෙන් මෛත්‍රීගේ හැසිරිම පිළිබඳව තමන් කිසිසේත්ම සතුටු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව වාර්තා වේ. මෛත්‍රීගේ හැසිරිම අනුව තවදුරටත් ඔහු සමග ගනුදෙනු කිරිම භයානක බවද ඇය අගමැතිවරයාට පවසා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු ලෙස පෙනී සිටින අයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් අතර විශේෂ රහසිගත සාකච්ඡාවක් ලන්ඩන් නුවරදී පැවැත්වෙන බවත් එම සාකච්ඡාවලට අනුව ඉදිරියේදී ආණ්ඩුවේ නව වෙනසක් සිදු කිරිමට කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ.

පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (22දා) ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය අතර හිටපු ජනාධිපතිනිය පසුගිය 18 වැනිදා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

මිට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු පිළිබඳවද සාකච්ඡා කිරිමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කර තිබේ.

රජයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා පිළිබඳ දැනට සිදුවන පරීක්ෂණ මෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදි තින්දු කරනු ඇති බවත් මින් ඉදිරියට ආණ්ඩුව ගන්නා තින්දු ජනාධිපතිවරයාට වෙනස් කිරිමට නොහැකි වන අකාරයේ ක්‍රමවේදයක් සකස් කිරිමටද අවධානය යොමු කර තිබේන බවද සිරිකොත මාධ්‍ය අංශයේ ප්‍රධානියා අනාවරණය කර තිබේ.

Chandrika Kumaratunga
Ranil Wickremesinghe

Top