Breaking
24 Feb 2025, Mon

චම්පික,රාජිත රනිල්ව ගොනාට අන්දයි..කඩේ ගිය එවුන් අනාථයි

රටේ නායකත්වය පාවාදිමේ වරදට සිහිනයෙන් හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනතාවගේ මනාපය ඉල්ලිමට නොහැකි රට පාවාදුන් කල්ලියේ අගුටුමිට්ටන් අද යලිත් එක්සත් ජාතික පක්ෂය ගොනාට අන්දවමින් එජාපයට යන්තමින් ලැබෙන්නට තිබුනු ආසන 55ටද කෙලවා තිබේන බව වාර්තා වේ.

ගෙවුනු දින කිහිපයේම තමන්ගේ ආසන වලට ගිය චම්පික,රතන,රාජිත,අර්ජුන,ගුණවර්ධන,ජනක බන්ධාර වැනි මන්ත්‍රිවරුන් තමන් සම්බන්ධයෙන් තමන් සිටි අසනවල පවතින් තත්ත්වය මැන බැලු බව ප්‍රසිද්ධ රහසකි.මැතිවරණයකට ගොස් මනාප ඉල්ලිමට තියා සන්ධානය නියෝජනය කරමින් පාරට බැස්ස වහාම කන්නට වන්නේ කොසුපාර බව ඔහුන් හොදින්ම වටහා ගෙන තිබේ.

හැමදාම වගේම පක්ෂයේ මනාප ටික හොරුන්ට දි හොද පුරුද්දක් තිබේන එක්සත් ජාතික පක්ෂයේ නායකයා අදත් එම වැරැද්දම අදත් කර තිබේ.සෙසු පක්ෂද එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ දි එකසත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවේදී ගෙන ආ යෝජනාව සම්මත වි තිබේ.එය සම්මත වන විටත් බලයට කෑදර කමින් පක්ෂයට වීන කල හිරූ නිකර්ලා එජාප ලැයිස්තුවෙන් අත්සන් තබා අවසන් වි තිබේ.

යහපාලනයට ටටා කියන්නට පෙර රාජිත ඇත්තක් කියා තිබේ…..”හිටපු ජනාධිපතිවායරට සන්ධානයෙන් නාම යෝජනා ලබා දීම නිසා තමන් ඇතුළු කණ්ඩායම අනාථ වෙනවාට වඩා වෙනත් පක්ෂ තනන්නට වේලාවක්ද නැති නිසා එක්සත් ජාතික පක්‍ෂය හා එකතු වන බවයි…” ඒ අනුව රාජිත මේ රට බෙදුම්වාදීන්ට පාවාදිමට කටයුතු කල බව පිළිගෙන තිබේ.මන්ද මේ මහා මැතිවරණය පැවැත් වෙන්නේ බෙදුම්වාදීන්ට එරෙහිව බව රාජිත මෙන්ම චන්ද්‍රිකාද දැන සිටි.ඒ නිසාම කල්තියා චන්ද්‍රිකා රටින් යන්නට ගියේ නිකන් අමාරුවේ වැටෙන්නට අවශ්‍ය බව දන්නා නිසාය.

මේ අතර සෙසු පක්ෂ සමග එක්ව තරග කීරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම හෙට (11) පෙරවරුවේ අත්සන් තැබිමට නියමිත අතර ඉස්සර අරලියගහ මන්දිරය ඇලජිව සිටි ඇතැමුන් දැන් මැතිවරණ ගිවිසුම් ගසන්නේද අරලියගහ මන්දිරය තුල විමද විශේෂත්වයකි.

අන්තිමට චම්පික,රතන,රාජිත,අර්ජුන,ගුණවර්ධන,ජනක බන්ධාර වැනි අය එජාපය වෙනුවෙන් දරදිය ඇද්ද  මහන්සි වුනු අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට පැමිණ පිල්මාරු කරද්දි එජාප පාක්ෂිකයින්ට කියන්නට වන්නේ අනේ…අපොයි කියා පමණි.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.