Breaking
25 Feb 2025, Tue

චාවාකච්චේරි සිද්ධිය වසන් කරන උතුරේ දේශපාලකයන්

වන්නි මෙහෙයුම අවසන් වන විට කොටි සතුව තිබී හමු වු පුපුරණ ද්‍රව්‍ය මෙසේය. ටී. එන්. ටී. හා සී. 4 හෙවත් හැරිසයිට්‌ කිලෝ 13178 ක්‌ ඩෙටනේටර් 246363

පුපුරණ ද්‍රව්‍ය අඩංගු තණපටවල් 14

පුපුරණ ද්‍රව්‍ය කබා 185

පුපුරණ ද්‍රව්‍ය අඩංගු පටි 296

කොටි සංවිධානය ටී. එන්. ටී. සහ සී 4 වාර්ගයේ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කළේ මන්නාරම් හෝ මුලතිව් මුහුදේ මාළු ඇල්ලීමට නොවේ. එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය කබා වර්ග තුනක්‌ නිපදවීමටද කොටි ක්‍රියා කර තිබුණි.

ලෝක ඉතිහාසයේ ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය යොදා මාළු අල්ලන බව වාර්තා වූයේ මුල්වරටය. ඩයිනමයිට්‌ දමා මාළු අල්ලන බව ප්‍රසිද්ධ දෙයකි. එහෙත් චාවාකච්චේරිවලදී අත්අඩංගුවට ගනු ලැබූ රමේශ් ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍යවලින් මාළු අල්ලන බව පැවසීම විහිළුවක්‌ නොවේද? මේ නිසා හමුදාවට භාර නොවූ රමේෂ් වැන්නවුන් කර ඇති ප්‍රකාශ විශ්වාස කළ හැකිද?

එසේම ප්‍රභාකරන්ගේ මස්‌සිනා වු ශිවාජිලිංගම් මෙම පුපුරණ ද්‍රව්‍ය කබාය දකුණේ පිරිසකගේ ක්‍රියාවක්‌ බව පවසා ඇත. මෑතකදී දේශපාලන ක්‍ෂේත්‍රයට පැමිණි නවකයෙක්‌ ද පවසා ඇත්තේ දකුණේ පිරිස්‌ ඊට සම්බන්ධ බවට සැකයක්‌ ඇති බවයි. එහෙත් දකුණේ පිරිසකට බෝම්බ කබා නිෂ්පාදන තාක්‍ෂණය තිබුණේ නැත. ඒ බව ඔහුට අමතක වී තිබේ.

රමේශ් නැමැත්තා නිවසේ බෝම්බ කබාය ඇතුළු උපාංග තබාගෙන තිබුණේ මාළු ඇල්ලීමට නොවන බව පැහැදිලි කෙරුණි. මේ යථාර්ථය වසන් කිරීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කරති. ප්‍රභාකරන්ගේ මහවිරු දේශන විකාශනය කිරීමට මුල් වූ පාර්ශවද ඊට දායක වී ඇත. දේශපාලනයට එක්‌ වූ මෙවැන්නන් සිය අතීතයද වසන් කර ඇත. හිටපු ඇමරිකානු ජනාධිපති එබ්‍රහම් ලින්කන් පැවසූවේ මිනිසුන් රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණක්‌ බවයි. එහෙත් මෙරට ඇතැම් දේශපාලකයන් සිතන්නේ හැමදාම හැමවිටම ජනතාව රැවටිය හැකි බවයි.

කොටි සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යභාරය අවසන් වුවත් කොටි ජාත්‍යන්තර ජාලය විනාශ වී නැත. බ්‍රිතාන්‍ය නෝර්වේ ස්‌විඩනය ප්‍රංශය ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව ජර්මනිය යන රටවල එම ජාත්‍යන්තර ජාලය ක්‍රියාත්මකයි. මේ ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ වුවන්ගේ අනන්‍යතාවය මෙතෙක්‌ හෙළි වී නැත.

ඉන් රැසක්‌ ද්විත්ව පුරවැසි බව ලබාගෙන තිබේ. විදෙස්‌ ගත ද්‍රවිඩයන් මෙරට ද්විත්ව පුරවැසි බව ලබා ගන්නේ උතුරේ ඥාතීන් බැලීමට නොවේ.

ඊට හොඳම නිදසුන බෙල්ජියමේ බස්‌රියකට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේ සැකකරු කැනඩාවේ පදිංචි ද්විත්ව පුරවැසියකු බව හෙළි වීමයි.

ශ්‍රී ලංකා රජය සංහිදියාව සඳහා කටයුතු කරන අවස්‌ථාවේ අන්තවාදී ද්‍රවිඩ ඩයස්‌පොරාව බලාසිටින්නේ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමටය.

රමේශ් නැමැති හිටපු ත්‍රස්‌තයාගේ නිවසේ මරාගෙන මැරෙන කබායක්‌, ක්‌ලේමෝ හතරක්‌ ටී. එන්. ටී, පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක්‌ මි. මි. 9 පතරොම් පෙට්‌ටි දෙකක්‌ හා බැටරි පෙට්‌ටි දෙකක්‌ තිබූ බව හෙළි විය.

එසේම සිම් කාඩ්පත් හතරක්‌ද තිබූ බව වාර්තා වේ. මේ රංචු තිබුණේ මන්නාරම් වෙරළට මාළු … පිටින් පැමිණෙන බව දැන ගැනීමටද? ඊළම් ඩයස්‌ පෝරාවේ අරමුණු පසුගිය මාර්තු මස ජිනීවාහි පැවැති කොටි රැළියට සහභාගී වූවන් පැවැති අතර කතාබහවලින් අනාවරණය විය.

බහුතරය කැබලි කීපයකට කැඩී බලය වෙනුවෙන් සටන් වදිද්දී අපේ ඉලක්‌ක වෙත අපි යා යුතුයි යෑයි එහිදී අන්තවාදී ඊළම් ද්‍රවිඩයන් අතර සාකච්ඡාවට ලක්‌ වී ඇත.

එසේම චාවාකච්ෙච්රියේදී ඉහත කී විනාශ කාරී උපාංග හමු වූයේ රමේශ්ගේ බිරිය කළ පැමිණිල්ලක්‌ මතය. එසේ නැතිව බුද්ධි අංශවල සොයා ගැනීමක්‌ නොවේ. වන්නි මෙහෙයුමින් කොටි පරාජය වුවත් කොටි 4000 ක්‌ හමුදාවට බැර වී නැත. එසේම උතුරේ සඟවා ඇති ආයුධ රැසක්‌ ඇති අතර ඒවා තිබෙන ස්‌ථාන දන්නේද හිටපු කොටින්ය.

මේ පසුබිම මැද උතුරු පළාත් සභාවේ සභාපති වී. කේ. ශිවඥාණම් පවසන්නේ බෝම්බ කබා සහ පුපුරණ ද්‍රව්‍ය දකුණේ ක්‍රියාවක්‌ බවයි. බෝම්බ කබා සංකල්පය නිර්මාණය කළේ ප්‍රභාකරන්ය. එය ලොවපුරා ව්‍යාප්ත විය. එම තත්ත්වය මත දකුණේ පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් හෝ බෝම්බ කබා නිර්මාණය කරන්නන් නැති බව බුද්ධි අංශ දනී.

සිවඥානම්ලා කියන විදියට රමේශ් නැමැත්තා දකුණේ අයෙක්‌ද? නෝර්වේ සිට නෙදියවනන්ද ස්‌විට්‌සර්ලන්තයේ සිට රූබන්ද ඇතුළු හිටපු කොටි නායකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව අභිරහස්‌ මෙහෙයුම් දියත් කරන බව ‘ඊළම් ජාලය දන්නා දෙයකි. ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතන කල්ලිය කොළඹ බෝම්බ පුපුරද්දී සිං ඥානම්ලා නිහඬව සිටියේය.

ප්‍රභාකරන් සිය ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක කරද්දී විද්යුත් නාලිකාවක්‌ මහාවිරු දේශනය විනාශය කළේය. මේ ඉතිහාසය නවක දේශපාලනයන්ට අමතක වී ඇතත් අපට අමතක නැත.

මේ පසුබිම මැද බෙල්ජියමේ ත්‍රස්‌ත ප්‍රහාරයද දකුණේ පිරිසකගේ ක්‍රියාවක්‌ බව ළඟදීම පවසනු ඇත. රවටන්නේ කාවද? රැවටීමට උත්සාහ කිරීමේ විපාකයද මෙරට දේශපාලන අංශ දැන ගත යුතුය. කොටි නිපද වු බෝම්බ කබා මෙන්ම චාවාකච්ෙච්රියේ හමු වූ බෝම්බ කබාද එකම නිර්මාණයකි.

හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක ඝාතනය ගැන විමසූවිට ප්‍රභාකරන් පැවසූවේ එය හමාස්‌ සංවිධානයේ ක්‍රියාවක්‌ බවයි.

චාවාකච්චේරියේදී පුපුරණ ද්‍රව්‍ය කබාය හා පුපුරණ ද්‍රව්‍ය හමුවීම ගැන උතුරේ දේශපාලනඥයන් හා කොළඹ ඇතැම් දේශපාලනඥයන් පවසන්නේද ඊට සමාන ප්‍රකාශයකි.

කීර්ති වර්ණකුලසූරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.