Featured

චින සංචාරයෙන් පසුව ඇමතිවරු 5ක් කරකවා අතහරී -සජිත්ගේ නි.නායකම අවසන්!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ 5ක විෂයන් භාර අමාත්‍යවරුන් ඉවත් කිරිමට කටයුතු සම්පාදනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.අගමැතිවරයාගේ නිර්දේශ මත පසුගියදා චීනයේ සංචාරය කල  සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක චීන නියෝජ්‍ය විදේශ ඇමැති ෂෙන්මින් සහ චින රජයේ නියෝජිතයන් සමග කල සාකච්ඡා වලදි ඉදිරිපත් වු නිර්දේශ මත ඉදිරි සංවර්ධන කටයුතු සිදුකරගෙන යෑම සදහා අදාළ අමාත්‍යධුර වල වෙනස්කම් කිරිමට නියමිතව තිබේන බවයි ඔහු අනාවරණය අර ඇත්තේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශය නොසලකා වැඩකිරීමේ පිළිවෙතක් ආරම්භ කිරීම පසුගිය ඉන්දිය සංචාරයේ සිට ආරම්භ කල අතර ඒ අනුව අගමැතිවරයාගේ කිසිදු විදේශ සංචාරයක වගකිම් කිසිවක් පොන්න මංගලගේ අමාත්‍යාංශය හරහා සිදු නොවන අතර අගමැතිවරයාගේ විදේශ සංචාර සැලසුම් කිරීමේ බලතල සියල්ල විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ගලවා මලික් සමරවික්‍රම සමතා යටතේ ඇති සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට පවරා තිබේ.

ඒ අනුව එජාප අමාත්‍යධුර 3ක සහ සන්ධාන අමාත්‍යධුරයන් 2ක විෂය පථය වෙනස් වනු ඇති අතර එම අමාත්‍යාංශ සියල්ලක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයට ඝෘජුව යටත් කෙරේ.

යහපාලන ආණ්ඩුව තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය හේතුවෙන් තවදුරටත් චින රජය ලංකාවේ සංවර්ධනය සදහා දායකත්වය ලබාදිමට කැමති නමුත් ඒ සදහා කලින්ට වඩා අවධාණයෙන් සිටින බවද චින රජය ශ්‍රි ලංකා නියෝජිතයන්ට අවධාරණය කර තිබේ.

චින සංචාරයේදි අගමැතිවරයා චීන අගමැති ලී කෙකියෑන් සහ ජනාධිපති ෂි ජින් ෂිං මහත්වරුන් මුණගැසීමට නියමිත අතර වික්‍රමසිංහ මහතාගේ සංචාරයට අදාළව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ද සංවිධානය කැර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානතම නිලයක් ඉදිරි දින කිහිපය තුලදී වෙනස් කරන බව වාර්තා වේ.අප පසුගියදා කල අනාවරණය පරිදිම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පසුව පක්ෂයේ නායකත්වය ලබාදිමට නියමිතව සිටින අධ්‍යාපණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමට පක්ෂ නායකත්වය තින්දුවක් ගෙන තිබේ.

ඊට සමගාමිව නායකත්වය මණ්ඩලයද අහෝසි කෙරෙනු ඇති අතර ඒ අනුව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා දරන නියෝජ්‍ය නායක තනතුර අහෝසි වි යනු ඇති බවයි දැනට අනාවරණය වි ඇත්තේ.

කියවන්න –එජාපයේ මහා ලේකම් තනතුරට සටනක්

 

 

 

 

 

 

Top