Breaking
21 Sep 2025, Sun

චීනය හා සෞදි අරාබිය අතර ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක්

චීනය හා සෞදි අරාබිය ද්වීපාර්ශ්වික  මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙයි.  දෙරටේ මහ බැංකු දෙක අදාළ ගිවිසුමට එළඹ තිබේ.එහි වටිනාකම යුවාන් බිලියන 50කි. ගිවිසුම වසර 3කට වලංගු වන අතර දෙපාර්ශ්වයේ එකඟතාව මත එය දීර්ඝ කිරීමේ අවස්ථාව පවතී. චීනය හා සෞදි අරාබිය අතර මූල්‍ය සහයෝගතාවන් ශක්තිමත් කිරීමට එය උපකාරී වනු ඇති අතර දෙරටේ මුදල් වර්ගයන් භාවිතය වර්ධනයට ද එය රුකුලකි .ද්වීපාර්ශ්වික වෙළද හා ආයෝජන පහසුකම් ප්‍රවර්ධනයට ද ඉන් අවස්ථාව සැලසේ.