Breaking
18 Jan 2026, Sun

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ මෙවර සැසිවාරයේ න්‍යාය පත්‍රය නිකුත් කෙරේ

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 2වැනි සැසිවාරය මාර්තු මස 4වනදා බෙයිජිංහි දී ආරම්භ කිරීමට නියමිතය.

එම සැසිවාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වනුයේ, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාර්ය වාර්තාව හා 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයෙන් අනතුරුව එක්රැස් කළ යෝජනා පිළිබඳ වාර්තාවට සවන් දීම සහ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරයට එක්වෙමින් එහි ඉදිරිපත් කෙරෙන රාජ්‍ය කාර්ය වාර්තාව ඇතුළු වාර්තාවලට සවන් දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ය.

අද(1) පැවති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ පස්වැනි සැසියේ දී මෙම න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.