Featured

චේතිය සිරිසේනගේ ගල් පැලෙන කෙප්ප

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය දා බිබිලේදී දැක්වූ අදහස් සියල්ලම පාහේ සත්‍යයෙන් තොර ය. ඒ සම්බන්ධයෙන් mahinda.info වෙබ් අඩවිය මගින් ඔබ වෙත සිදුකරන පැහැදිළි කිරීමයි මේ.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ප්‍රධාන තර්ක දෙස බලමු.

[1]. [[කාලය 00:40 – මහින්ද රාජපක්ෂ මහත්මයාට 2015 ජනවාරි මාසෙ 10 වැනිදා උදේ තංගල්ලට යන්න හෙළිකොප්ටර් 2 ක් දුන්නා මම.]]

(i). ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා තංගල්ලට ගියේ ජනවාරි 10 වෙනිදා නොව ජනවාරි 9 වෙනිදා දහවල් කාලය තුළදී ය. ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 8 වෙනිදාට පසු 9 වෙනිදා ප්‍රතිඵල ලැබෙමින් තිබූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටවී තංගල්ල නිවසට ගිය බව රටම දැනගත් කාරණාවකි. විශ්වාස නොමැතිනම් පහත පින්තූරයේ දක්වා ඇති පරිදි මෙම වීඩියෝවේ දිනය බලන්න, යුටුයුබ් වීඩියෝ වල දින වෙනස් කිරීමට නොහැකි බවත් මතක් කරන්නෙමු.

MR_HEL
The President then met the SLFP Central Committee and bade farewell to them. He concluded his final official assignment around 11.00a.m. and readied himself for the departure to his ancestral house located at Medamulana. He boarded a helicopter of the State for the last time to head towards his hometown having served the office of President for nearly a decade. source: www.ceylontoday.lk

The President then met the SLFP Central Committee and bade farewell to them. He concluded his final official assignment around 11.00a.m. and readied himself for the departure to his ancestral house located at Medamulana. He boarded a helicopter of the State for the last time to head towards his hometown having served the office of President for nearly a decade. source: www.ceylontoday.lk

(ii). මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2015 ජනවාරි මස 9 වෙනි දින සවස 6:20ට එළඹුන නැකතිනි.

“Sirisena was sworn in as the sixth Executive President before Supreme Court judge K. Sripavan in Independence Square, Colombo at 6.20pm on 9 January 2015” Source: en.wikipedia.org/wiki/Maithripala_Sirisena

(iii). ඒ අනුව 2015 ජනවාරි 9 වෙනිදා සවස 6.20 වෙන තුරුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 ව්‍යවස්ථාවේ 4. “ආ” වගන්තියේ පහත උපුටනයෙන් එහි නීතිමය වලංගුභාවය පැහැදිළි වෙයි.

constitution

(iv). ජනාධිපති ධූරයේ දිවුරුම් දී සේනාධිනායකවරයා වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් මෙහෙයවූවා යැයි පැවසීම ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ දෙවැනි බොරුව යි.

[2]. කාලය 00:28 – තමුන්නාන්සේලා අහලතියෙනවාද ලෝකයේ කොහෙ හරි රටක මැතිවරණයකට ගිහිල්ලා මැතිවරණය පැරදුනාට පස්සේ ආණ්ඩුවේ හෙලිකොප්ටරයකින් ගෙදර යන්න දුන්න කියල අහල තියෙනවාද?

කාලය 00:54 –මේ රටේ කවුරු හරි මට ඉදිරිපත් වෙලා කියන්න ලෝකයේ රාජ්‍ය නායකයෙක් පරාජයට පත් වුණාට පස්සේ රජයේ ආරක්ෂක හමුදා රජයේ යුධ හමුදාව තමන්ට ඕනෑ පරිදි නිලධාරීන් තෝරගෙන තමන්ගේ ආරක්ෂාවට ගෙදර යන්න දේශපාලනය කරන්න ඉඩ දීපු රටක් කියන්න.

කාලය 01:45 – මට ටෙලිෆෝන් කෝල් එකක් දීල ගේන්න තිබුණනේ, මම හමුදාපතිට කිව්වනම් ගිහිල්ල අර හමුදාව ඔක්කොම අරන් එනව කියල, ගේනවනෙ.

කාලය 01:59 –මගේ ආරක්ෂාවට එකම හමුදා භටයෙක්වත් නෑ.

(i). මෛත්‍රීපාල මහතාගේ ඉහත ප්‍රකාශ වලට පිළිතුරු දෙනවා වෙනුවට එතුමාගෙන් ඇසිය යුත්තේ “ත්‍රස්තවාදය නිසා බෙදී වෙන් වී තිබූ රටක් යුධමය ක්‍රියාමාර්ගයක් තුළින් එක්සේසත් කර රට තුළ ත්‍රස්තවාදය අවසන් කළ ජීවමාන ලෝක නායකයෙක් තවත් සිටීනම් දක්වන්න” යනුවෙනුයි.

(ii). ජීවිත තර්ජන තිබෙන්නේ කොටි ත්‍රස්තවාදය අවසන් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මිස, කොටි ත්‍රස්තයන්ව හිරෙන් නිදහස් කර හමුදා භටයින්ව සිරගත කරන මෛත්‍රීපාල සිරිසේන මහතාට නොවේ.

(iii). එසේම ප්‍රේමදාස යුගයේ සිටම මහින්ද රාජපක්ෂ මැතිතුමාට හමුදා ආරක්ෂාව ලැබුණි. හමුදා ආරක්ෂාව යනු කවරෙක් හෝ පිනට ලබා දෙන්නක් නොවන බව ඉන් පැහැදිළි වෙයි.

අපකල තවත් අනාවරණයක් –ස්වයං වින්දනයේ යේදේන චේතිය සිරිසේන

Top