Breaking
25 Jan 2025, Sat

චොප්පේ ජයසුන්දර පොලිස් ආරක්ෂාව මැද පස් කදු කපයි…..

මරදානේ චොප්පේ අයියා හේවත් හන්තාන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින කණ්ඩායම ගලවා ගැනිම සදහා පෙනී සිටින කූජිත ජයසුන්දර සිය පොලිස්පති බලය පෙන්වමින් නීතිවිරෝධී ලෙස පස් කදු කැපිමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බවට අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

කූජිතගේ නිවස පිහිටා ඇති වැල්ලව මුකලානය ප්‍රදේශයේ නිවසේ වත්ත අක්කරයක් පමණ පිරවිම සදහා ඊට මදක් නුදුරින් පිහිටි වැල්ලව පොලිස් බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක පස් කන්දක් කිසිදු නීතිමය අවසරයකින් තොරව පොලිස් ආරක්ෂාව මැද්දේ එක්ස්කැවරේටර් යොදවා කපා ටිපර් මගින් නිවසට රැගෙන ගොස් තිබේ.

පසුව එම ටිපර් අයිතිකරුවන්ට සහ එක්ස්කැවරේටර් හිමිකරුවන්නට පස් කන්දේ ඉතුරු කොටස් කපාගෙන ගොස් විකිණීම සදහා අවසර ලබාදී ඇති අතර ඔහුන් පොලිස් ආරක්ෂාව මැද්දේම කන්දෙන් සියයට 85ක් පමණ කපා ඉවත් කරගෙන ගොස් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.