LNN SPY

ඡන්දය අවසන් වනතෙක් යහපාලන අවබෝධතා ගිවිසුම නෑ…නායකයෝ එක තිරණයක පොඩි එවුන් වටේ යයි…

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින යහපාලන ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුම දිර්ඝ කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කඹ ඇදිල්ලක නිරත වන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වු අතර ගිවිසුම දිර්ඝ කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම නායකයන් එකඟතාව දැක්වුවද එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ ශ්‍රිලනිපයේ මහින්දවාදින් ගිවිසුම තවදුරටත් දිර්ඝ කිරිමට දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.

මේ දිනවල නුවරඑළියේ සංචාරයක නිරත වි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය තනියම ආණ්ඩුවක් සෑදිම සදහා කටයුතු කලයුතු බව පෙන්වා දි තිබේ.

එහිදි අගමැතිවරයා පෙන්වා දි ඇත්තේ තනිවම ආණ්ඩුවක් සෑදිමට උත්සහ කිරිම හරහා පක්ෂයේ පිළ් බෙදිම දරුණු අතට හැරිය හැකි බවත් ඒ හරහා පක්ෂය කඩාගෙන යන් පිරිස් එක් කරගනිමින් මහින්ද පිළ සමග එකතුව ජනාධිපතිවරයා තනි ආණ්ඩුවක් සැදිමට ඉඩ ඇති බවයි.

මේ අතර වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් වන අවසන් තීරණය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අනාවරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් වීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවට ඇතැම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මෙන්ම නවක මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින බවයි ඔහු සදහන් කර ඇත්තේ.

Top