Featured

ඡායා කැබිනට්ටු අර්බුදයෙන් සිරිසේන අන්දොස් වේ,බුද්ධි අංශ සිරුවේන්

ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය බ්‍රහස්පතින්දා ඡායා කැබිනට්ටුව නම් කිරිමත් ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් එම කණ්ඩායමේ සමාජිකයන් අතර අර්බුදකාරී තත්ත්වයක් හට ගැනිමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපිළ භීතියකට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් බරපතල ලෙස කලබලයට පත්ව ඇති අතර හෙට නිකුත් වන (ඉරිදා ලංකාදීප ) පුවත් පතේ “ඒජාප,ශ්‍රීලනීප තනි ආණ්ඩු වලට ඉඩ නෑ ” යනුවෙන් පුවත් පලකිරිමටද අවසාන මොහොතේ කටයුතු කර ඇති අතර එම පුවත ජනධිපති මන්දිරයේ සිට ජනපති මාධ්‍ය එකකය හරහා ලබාදි ඇති අතර එහි පලකර ඇත්තේ “ඉකුත් සඳුදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමේ දි ජනපති කී බවයි” නමුත් ඉකුත් සඳුදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමක් සිදු නොවු බව මෛත්‍රී පිළේ ප්‍රබලයෙකු තහවුරු කර සිටියා.

ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය බ්‍රහස්පතින්දා ඡායා කැබිනට්ටුව නම් කිරිමත් ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් එම කණ්ඩායමේ සමාජිකයන් අතර අර්බුදකාරී තත්ත්වයක් හට ගැනිමත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් සෑදිමට රහසේම කුමන්ත්‍රණය කිරිමත් අතර ඉතා සමීප සබඳතාවයක් ඇති බවත් ඒ හරහා ජාතික ආණ්ඩුව කඩා එජාපයේ තනී ආණ්ඩුවක් සැදිමට ඇති ඉඩකඩ වර්ධනය වි ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිය බත් බැලයන් පෙන්වා දි ඇත්තේ.

LANKADEEPA

ජනාධිපතිවරයාගේ බලපෑම මත ජනාධිපති මාධ්‍ය එකකය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලකල පුවත

මේ අතර මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වහාම සොයා බලා තොරතුරු වාර්තාකරන ලෙස රාජ්‍ය බුද්ධි අංශයට ජනපති නියෝග කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහ විදේශ අමත්‍ය මංගල සමරවිර මහතාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිටින්නේ බරපතළ සැකයක් සහිතව බවයි දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

 

එක්සත් ජාතික පක්‍ෂය තනි ආණ්ඩුවක් පිහිටවිය යුතු බවට එම පක්‍ස බිම් මට්ටමින් ඇති ඉල්ලීමක් හේතුවෙන් විපක්‍ෂයේ 20ක් පමණ එක් කර ගැනීමේ සැලසුමක් ඇති බවත් එය ක්‍රියාත්මක විම වහාම වැලැක්විය යුතු බවත් සජිත් පිළ ජනාධිපතිවරයාට දැනුම් දි තිබේන අතර එජාප තනී ආණ්ඩුවක් පිහිටුවිම වඩාත් භියකරු වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද සජිත් පිළ අවධාරණය කර තිබේ.

මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම ධුරයට පත් කිරීම සඳහා වූ ක්‍රියාවලියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසියම් සිත් බිඳීමක් සිදුවී ඇත්නම් එය සමථයකට පත් කිරීම සඳහා දේශපාලන කපුකමක් කිරීමට අමාත්‍යවරුන් කිහිපදෙනකු සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.මේ දේශපාලන කපුකම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වන අතර ඒ සඳහා තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක්ද ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි.

එසේම තානාපති මට්ටමේ නිලධාරීන් කිහිප දෙනකුද මේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදී ඇතැයි තොරතුරු වාර්තා වෙයි.යම් හෙයකින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර නොහොඳ නෝක්කඩුකම් පැවැතුණහොත් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි ආණ්ඩුවක් බිහි කිරීමට ප්‍රධාන පක්ෂ දෙක පෙලඹීමට ඉඩ ඇති බවට අමාත්‍යවරුන් මත පළ කර තිබීම මෙවන් පියවරක් ගැනීමට හේතු
වී ඇතැයි දැනගන්නට ඇත.

Top