Breaking
22 Feb 2025, Sat

ජනතාවගේ පටි තදකර… මිලියන 14.1ක් වියදම්කර IMF ගිය නන්දලාල්! නන්දෙගේ ගුවන් ගමනට ලක්ෂ 24ක්.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පටි තදකර ගැනිම සදහා උපදෙස් දෙන, ජනාධිපති ගෝඨාභයගේ මහ බැංකු අධිපතිගේ IMF සංචාරයේ වියදම් අනාවරණය වෙමින් තිබේ. LNN දේශපාලන වාර්තාකරු සදහන් කළේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ ගෝඨාභය ජනාධිපතිවරයා විසින් අමෙරිකාවේ, වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී කල කණ්ඩායමේ වැඩිම වියදමක් දරා ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් බවයි.

අප්‍රියෙල් 18 වනදා පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර දින 05ක කාලයක් සාකච්ඡා පැවැත්වූනා. ඒ සදහා එවකට මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්වු අතර එම කණ්ඩායම සදහා දරා තිබුන මුළු වියදම රුපියල් මිලියන 14.1ක්.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් සිය ගුවන් ගමන සදහා ලක්ෂ 24ක් වියදම් කර ඇති අතර ඔහුගේ ඇදුම්,ආයිතම් (Out-Fit) වෙනුවෙන් හයලක්ෂ විසිතුන්දහසක (623,000) මුදලක් වියදම් කර තිබේ. මිට අමතරව ඔහුගේ හෝටල් බිල මිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර අමතර වියදම් සදහාද මිලියන 4කට වඩා භාවිතා කර තිබේන බවද වාර්තා වේ.

ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට නොකා නොබි අරගල කරන්න සුන්දර කතා කියන නන්දලාල් ගුවනේ යෑමටම පමණක් ලක්ෂ 24ක් වියදම් කර හමාරය. අදින්න ඇදුම් නැති නන්දලාල් IMF යැමට ලක්ෂ 6ක් ඉක්මවා ඇදුම් ගත්තේ ඇයිද යන්න රටේ ජනතාව ප්‍රශ්ණ කලයුතුය.පාන් රාත්තලක් ගැනිමට නොහැකිව තම දරුවන් සමග බඩගින්නේ නිදියන ජනතාව් සිටින රටක ලක්ෂ 6ක් යනු සොච්චම් මුදලක් නොවනු ඇත.ඒ අනුව බැලුකල නන්දලාල් ලා සහ රාජපක්ෂලා අතර ඇත්තේ කෙස්ගහක පමණ වෙනසකි.

උන්ඩියෙල් ජාවාරම!

උන්ඩියෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පසුගියදා අනාවරණය කර තිබුනා.අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

නන්දලාල් වීරසිංහ අපුරුතම සංචාරයේ සියලුම වියදම් සම්බන්ධයෙන් වහාම රටට අනාවරණය කරන ලෙස තොරතුරු දැන ගැනිමේ පනතට අනුව ඉල්ලා සිටිමට මේ වනවිටත් කටයුතු කරමින් සිටි.

මේ සා විශාල පෞද්ගලික වියදම් රැසක් දරා ගනිමින් රටේ ජනතාව විදින දුක් වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල IMF සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්විමට මහ බැංකු අධිපතිවරයා මෙන්ම මුදල් ඇමති සහ පිරිස සමත් වුයේ නෑ.”ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු ය,” යනුවෙන්

මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස කේ. එම්. එම්. සිරිවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් අප්‍රේල් 7 දා පත්වීම් ලබා ගත්හ.

නන්දලාල්ගේ කුජීත මාධ්‍ය මෙහෙයුම!

හිටපු මහ බැංකු අධිපති වන කුප්‍රකට සොරෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් ජනතා අප්‍රසාදය හමුවේ ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය වීරසිංහ පත් කල අතර ජූලි පළමු වැනිදා එම ධුර කාලය නිමාවිමට නියමිතයි. පවතින තත්ත්වය හමුවේ අධිපති ධුරයේ රැදී සිටිම නන්දලාල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ජනතා ප්‍රශ්ණ විසදිම පසෙකලා තනතුර වෙනස් නොවී තබා ගැනිමේ මෙහෙයුම් දියත් කර තිබෙන බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

තත්ත්වය එසේ පවතිද්දී තමන්ගේ කඩතොලු වසා ගැනිම සදහා මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය ඇතුලු විවිධ සමාජ ජාලා මාධ්‍ය කරුවන් භාවිතාකරමින් ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව තමන් ඉවත් කිරිමට යන බවට පුවත් පලකිරිමට නන්දලාල් කටයුතු කර තිබේ.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංසදය පවසන්නේ මෙම ඉවත් කිරීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව බවත්, එය නැවැත්වීමට වහාම කටයුතු කරන ලෙසත්ය.එය පසුගිය කාලසීමව

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විරසකයක් ඇති බවට පළවන ඇතැම් වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අවධාරණය කර තිබේ. රටේ ආර්ථික ප්‍රශ්ණ කප්පරකට ගොඩගැසී තිබේන අවස්ථාවක සමාජ ජාලා හරහා විවිධ අසත්‍ය පුවත් මවමින් එවාට එවාට මහ බැංකු නිළ සමාජ ජාලා හරහා පිළිතුරු සැපයිම ගුජුප්සාජනක බවයි LNN දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

@CBSL හී දමා තිබේන පොස්ටුව…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.