Anonymous Reporter

ජනතාවට කොකා පෙන්වා රටේ සල්ලි වලින් තායිලන්ත සමාජශාලා වල නිල සංචාරයක

රටේ ජනතාවගේ මුදල් ඉතිරු කිරිම සදහා සරල දිවියක් ගෙවමින් රටේ ජනපති ලෙස ජිවත් වන බවට පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දු මහා මිහරකා හේවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට සිය සරල යැයි ජනතාවට පෙන්වු රෙද්ද කඩා දමමින් රටේ ජනතාවගේ මුදල් කාබාසිනීයා කරන අයුරු අනාවරණය වි තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මීට පෙර විදේශ සංචාරයන් කරද්දී , වැඩි පිරිසක් නැතිව සාමාන්‍ය මගී ගුවන් යානයකින් පිටව ගිය බව මාධ්‍ය මගින් මහ ඉහළින් වාර්තා කල අතර ඒ හරහා රටට මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් , එය අප ලබාගත් යහපාලනයේ ප්‍රතිඵලය රාජ්‍ය හොරණෑ මාධ්‍ය යොදාගනිමින් ප්‍රසිද්ධියද ලබාදුන්නා.

නමුත් පසුගියදා මෛත්‍රී තායිලන්තයට පිටව ගියේ 60 දෙනෙකුගේ කාර්යමණ්ඩලයක් සහිතව විශේෂ ගුවන් යානයකිනි.එය ජනාධිපති මාධ්‍ය එකකය පවා පිළිගත් කරුණකි.නමුත් එම පිරිස අතර ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් සිටියේ 12 දෙනෙකු පමණි.

මාධ්‍ය වාර්තාව …

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගියා.යූ.එල්. 882 දරන ශ‍්‍රී ලංකන් ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බවයි. ජනාධිපතිවරයා සමග 60 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

යහපාලන ගණිතයට අනුව 60-12=48 වන අතර ඉතුරු 48 දෙනා සිටියේ කොහෙද කියා අමුතුවෙන් කිවයුතු නැත.ඉතුරු 48 දෙනාම විනෝදවීම පිණිස තායිලන්තයේ සමාජශාලා වලට ගොස් තිබෙන අතර විධායක ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ගේ තායිලන්ත සංචාරයේ සියලුම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දරණ බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

Top