Breaking
24 Feb 2025, Mon

ජනතාව ගොනාට අන්දවන “හක්ගෙඩියා”

හක්ගෙඩි(වාලම්පුරි) විකුණන්නෙකුට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ධූරය පිරිනමා ඇත. මහාචාර්යවරයෙකු ලෙස පෙනී සිටිමින් මිථ්‍යාව සමාජගත කොට ජනතාව මුලාකර මඩිය තර කරගන්නා කීර්ති දිසානායක නමැති එකී පුද්ගලයාට එවැනි තනතුරක් ලබාදීම විසුළු සහගතය. වාලම්පුරියක් තමන් සන්තකව තබාගැනීමෙන් සෞභාග්‍ය උදාවන බව ඔහු කියයි. එහෙත් අප දන්නා පරිදි විකෘතියක් හෙතුවෙන් පළමු අභාග්‍යයට මුහුණ දී ඇත්තේ හක් බෙල්ලාය. අනෙක වාලම්පුරියක් අත්පත් කර ගැනීමෙන් ධනය, බලය, සමෘද්ධිය අත්වන්නේ නම් ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ලෙස රජයට වාලම්පුරි බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකිය.(එසේ සිදුවන්නේ නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් එවැන්නක් නොකර සිටින්නේ ද නැත)

කීර්ති දිසානායක නමැත්තා සිය වංචනික ව්‍යාපාරය මුළුමනින්ම ජනතාව අතරට ගෙනයන්නේ ප්‍රසිද්ධ හා ජනප්‍රිය රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වීම අභාග්‍යයකි. වසර කිහිපයක සිට සතියකට පැය ගණනක් රූපවාහිනී නාලීකාවල පෙනී සිටිමින් වාලම්පුරියක ඇති බගතුකම ඔහු කියයි. සෑම දිනකම ඔහු කියන්නේ එකම දෙයකි. සෑම දිනකම පමණක් නොව එකම වැඩසටහනේදීත් එකම දෙය පුන පුනා කියාසිටී. ජාතික රෝහල ඉදිරිපිටට එන තෙල් බෙහෙත් වෙළෙන්දා මීට වඩා හොඳට රසකතා හෝ අතීත කතා ටිකක් දෙසාබායි.

විශ්වකීර්ති, දේශබන්දු, සම්මානී ලෙස හදුන්වා ගන්නා දිසානායක නමැත්තා කිනම් නම් මහාචාර්යවරයෙක්ද? ප්‍රශ්නය වන්නේ මිථ්‍යාව හා අවිද්‍යාව වැපිරීම සදහා මාධ්‍ය අවභාවිත කිරීම පිළිබඳ වගකිවයුතු කිසිවෙකුත් කතා නොකිරීමය. නෙත් FM රේඩියෝව සකසාගත් ආචාර ධර්ම පද්ධතියට අනුව මෙවැන්නන් සදහා කිසිදු ප්‍රචාරයක් ලබානොදීමට අද දක්වා වග බලාගෙන ඇත.

තමන් වංචාවක් කරන බව දන්නා කීර්ති දිසානායක නමැත්තා ජනතාව ඇන්ද වීම සදහා පොලිසියද අපූරුවට විකුණයි. තම නිවස සහ සේවාස්ථානය පොලිස් හදිසි ඇමතුම් අංශය(119) ආසන්නයේ පිහිටා ඇති බව සිය වැඩසටහන්වලදී ඔහු ජපයක් මෙන් මතුරයි. පොලිසියද නිහඬය.කෙසේවෙතත් කීර්ති දිසානායක නමැත්තාට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ධූරය ලබාදීමෙන් සිදුවිය හැකි දේ(අනුමාන) කිහිපයකි.

01.වාලම්පුරි විකිණීමේ ජාවාරම නතර විය හැකිය.
02.වල්වාලම්පුරි විකිණීමේ ජාවාරම නැගලා යා හැකි ය.
03.දෙස් විදෙස් සංචාරකයින් හා බලධාරීන් ඇන්දවීමෙන් කර්මාන්තයට හොඳ හෝ නරක කලක් උදාවිය හැකිය.

මේ පුද්ගයා පිළිබඳ බැලුම්ගල වැඩසටහනකදී ද අනාවරණය කෙරිණ . එහිදි පිටකොටුවේ ඇපල් ලෑල්ල යට තබාගෙන අරක්කු හා කසිප්පු ජාවාරමක නිරතවන්නෙකු ලෙස පෙනී සිටි අප නිෂ්පාදකයා වාලම්පුරියක් මිලදී ගෙන එකී ව්‍යාපාරය දියුණු කරගැනීමට කීර්ති දිසානායක ගේ උදව් ඉල්ලා සිටියේය. අරක්කු හා කසිප්පු විකුණා සෞභාග්‍ය උදාකරදීමට ඔහු නොපැකිලව ඉදිරිපත් වූ අයුරු පහළින් අසන්න.

මහින්ද රුබසිංහ සටහනකි   

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.