LNN SPY

ජනපතිට බැරි බැරියාම රෝගය…කට වාචාලායා පච හලනවා…. වෛරස් උණ හා නිව්මෝනියාවෙන් කුඩා දරුවන් ඇතුළු 32 ක් මිය යයි

Published on: Jun 2, 2018- මාසයක් තුල වෛරසයෙන් 32 දෙදෙනකු මියගොස් තවත් තුන්සීයකට අධික පිරිසක් රෝහල් ගතව සිටින අතර මියගිය අය අතර දරුවන් 14 ක් සිටින අතර එයින් 8 දෙනෙකු මාතරම වන බවත් මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් අනාවරණය කර තිබේ.

බැරි බැරිබැරියාම රෝගයෙන් පෙලෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ කට වාචාල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජාත්‍යන්තරය හමුවේ කෙප්ප දෙසා WHO උප සභාපති තනතුරු ගෙන ලංකාවේ පාදඩ මාධ්‍ය හරහ අසත්‍ය පතුරුවමින් රටේ ජනතාව මරු කටට තල්ලු කරමින් සිටියදි මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක් සිය සමාජ ජාලාව හරහා තබා තිබෙන සටහන් අප සම්පූර්ණයෙන් පහත දක්වා තිබේ.

මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක්

මේ වෛරස් උණ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරද්දී කිහිප දෙනෙකු මටත් විරුද්ධව කටයුතු කරනවා වගේම මට දැනෙනවා.අද උදේ මට මැසේජ් කිහිපයක් ලැබුණා.රජය මේවා අධීක්ෂණයට ලක් කරලා තියනවා.අත්අඩංගුවට ගන්න වුනත් පුලුවනි කියලා.ෆේස් බුක් එක වෙබ් අඩවිය වුනත් තහනම් කරන්න පුළුවන් කියලා .ඒවා මට ආදරේට එවපුවද තරහට එවපුවද කියලා මම දන්නේ නැහැ.ඒත් මට මේක තදින් දැනෙනවා.

“අවුරුදු දෙකක් වයස චුට්ටෙක් මටත් ඉන්නවා.තාම තාත්තා කියලා කියා ගන්න බැරි වුනාට “තාතා” කියලා කියනවා.උදේට හවසට මෙයාට පුරුද්දක් තියනවා.මම වැඩට එන්න ලෑස්ති වෙනකොටම එයා නැගිටලා එයාගේ ඇදුම් පෙට්ටියෙන් කලිසමක් කමීසයක් අරන් ඇවිත් පෙන්වනවා.එතකොට මම දැන ගන්න ඕන එයාට අන්දවන්න.හැබැයි ඒ වෙනකොටත් එයා දන්නවා මම ගෙදරින් යන්න ලෑස්ති වෙනවා කියලා.ඊට පසුව එයා තමයි බයික් එකේ යතුර මට ගෙනත් දෙන්නේ.එහෙම ඇදුම් ඇන්දෙව්වට පස්සේ මම එයාව බයික් එකෙන් රවුමක් එක්ක යන්නම ඕන.වැස්සක් වගේ වහින දවසට එහෙම එක්ක නොගියොත් එයා මුලු දවසෙම අම්මට වද දෙනවා.බිම පෙරලෙනවා.අඩනවා.

ඒ විදියට රෑටත් මම ගෙදර යන කොට බයික් එන හඩට එයා තමයි ඉස්සෙල්ලම දොරකඩට එන්නේ.ඇවිත් බයික් එකට නග්ගව ගෙන රවුමක් එක්ක යන්නම ඕන.නැත්නම් රෑට හබුං කෑම වර්ජනය කරනවා.රෑ දොලහ වෙනකම්වත් නිදා ගන්නේ නැහැ.එයා එක්ක ගිහින් ආවට පස්සේ තමයි මම ගෙට ඇතුල් වෙන්නේ.

ඒ ගියාමත් ඉන්න නෑ.වඩා ගන්නම ඕන.ෆෝන් දෙකත් අතට දෙන්නම ඕන.දැනටත් එක් ෆෝන් දෙක තුනක් බිම දාලා කුඩු කරලා තියෙන්නේ.එහෙම කියලා බෑ.එයා ඒක අරගෙන කෝල් ගන්නවා.සමහරවිට යාලුවොන්ගේ ෆෝන් වලටත් කෝල් ගිහින්.හරිම දගකාරයි.පොඩිය කියලා නෑ.අයියලත් කොනිත්තනවා.ගහනවා.උනුත් මල්ලි පොඩිය කියලා නෑ.අර කිරිසප්පයට අඩන්නම ගහනවා.

දවසක් අයියා දුම් මැස්ස උඩට නැගලා හංගලා තිබ්බ භූමිතෙල් බෝතලය අරන් මල්ලිට දීලා.අයියයි මල්ලියි දෙන්නම ටික ටික බීලා.නැවතුනේ මාතර ඉස්පිරිතාලෙන්.පවුඩර් එක පේන්න බෑ.ගා ගන්නවා මුණූවල.සිග්නල් දත් බෙහෙත් එක පේන්න බෑ.මිරිකලා ඉවර කරනවා.ගමන් බිමන් යන්න තමයි වැඩියෙන්ම කැමති.පාරේ යන අයටත් එයාගේ භාෂාවෙන් හරිම හුරතල් විදියට කතා කරනවා.එයත් එක්ක ඉන්න වෙලාවට වෙලාව යනවා දැනෙන්නේ නැහැ.

මේ දවස් වල පොඩ්ඩක් හෙම්බිරිසාව හැදිලා ඉන්නේ.බෙහෙත් අරගෙන ගෙදර.බෙහෙත් පෙති පෙන්නන්න බැහැ.හපලා කනවා.චර චර ගාලා.ඒක නිසා අපි බොන බෙහෙත් පවා හංගලා තියෙන්නේ.පොඩි වුනත් අපිට වැඩිය දේවල් එයාට තේරෙනවා කියලයි.මට හිතෙන්නේ.දෙයක බරපතල කම නොතේරුනත් අපි හැරෙනකොට එයා දන්නවා ඊට කලින් මොකටද කියලා.

ඉතිං අන්න එහෙමයි මේ පොඩි එවුන්ගේ හැටි.හරියට මල් වගෙයි.සුවඳයි. ලස්සනයි.ඒ වගේ පොඩි එවුන් අකාලයේ නැති වෙද්දී පුදුම වේදනාවක් දැනෙන්නේ.ඒක නිසා මොනව කලත් මොන විවේචන එල්ල කලත් මේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරනකම් කැප වෙනවා.හිරේ ගියත් හරි දේ කරනවා.

ඒ වගේම පොටෝස් දාන්නේ ඔබගේ අවධානය යොමු කරවන්න.එහෙම නොදැම්ම නම් ඔබට මේක මෙච්චර දැනෙන්නේ නැහැ.ඒවා දැකලා කාගේ හරි හිත රිදුන නම් මට සමා වෙන්න.ඒ වගේම වෝටර් මාර්ක් දාලා තියෙන්නේ මමත් මාධ්‍ය ආයතනයක වැඩ කරනවා.තවත් කෙනෙක් ඒක කොපි කරලා දැම්මොත් ප්‍රශ්නයක් ඇති වෙන නිසයි.

අද වන විට මේ වෛරසයෙන් දරුවන් 14 ක් මිය ගිහින්.මාතරම අට දෙනෙක්.වැඩිහිටියන් පහක් මිය ගියා.නිව්මෝනියාවෙන් විතරක් මාතර මහ රෝහලේ 13 ක් මිය ගිහින් තිබෙනවා.මාසයක් තුලදී විතරක්.එතකොට ඔක්කොම 32 යි.තව තුන්සීයකට වඩා රෝහල් වල.මම මේ කියන හැම අකුරකම වගකීම මම දරනවා.කවුරු හරි කියනවා නෑ 09 යි මැරුනේ කියලා.මම සාක්ෂි සහිතව ඔප්පු කරනවා.ඒ නිසා අනාගත පරපුර රැක ගැනීමට අපි හැමෝම පෙල ගැසෙමු…..

පහතින් දාලා තියෙන්නේ මගේ පැටිගේ පොටෝස් ටිකක්…..

Top