Breaking
1 Feb 2025, Sat

ජනපති,මුස්තාපා ලග දෙකට නැමේ… මිරිස්ස වෙරළේ අනවසර ඉදිරිකිරිම් ඉවත් කිරීම ජනපති අනින් නතර වෙයි… බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් දුෂණය කිරිමට උත්සහ කිරිම පසුපස මුස්තාපාගේ ගෝලයෝ

Published on: May 3, 2018 – අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට නියෝග කොට තිබු මිරිස්ස වෙරළේ ඇති අනවසර ඉදිරිකිරිම් ඉවත් කිරීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියම කර තිබෙනවා.

ආරංච මාර්ග පවසන පරිදි අමාත්‍ය ෆයිසර් මුස්තාපා ගේ නායකත්වයෙන් යුතු අමාත්‍යවරුන් තිදෙනෙක් විසින් ජනාධිපතිවරයාගෙන් මෙම අනවසර ඉවත් කිරීම නතර කරන ලෙස ඉල්ලා ඇති අතර එයට පිළිතුරු වශයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අමාත්‍ය මුස්තාෆාගේ මැදිහත්වීම තිබුණද ඔවුන්ට සිය කාර්යය ඉදිරියට ගෙන යාමට හැකියාව ඇති බවයි.

මේ මස මුලදි මෙම කලාපයේ ඉදිකොට ඇති අනවසර අවන්හලක වේටර්වරයෙකු විසින් ඕලන්ද ජාතිකයන් පිරිසක් ලිංගික අපයෝජනයට හා පහර දීමට ලක් කොට තිබේ.සමාජ මාධ්‍ය ජාලා වල සඳහන් වන තොරතුරු හා වාර්තාවන්ට අනුව බොහෝ විදේශිකයන් හා මෙරට සංචාරකයන් මෙලෙස මිරිස්සේදි ලිංගික අපයෝජනයන්ට හා ශාරිරික පහරදීම් වලට ලක් වී තිබේ.

BBC සිංහල සේවය විසින් 2018 වසරේදි අප්‍රේල් මස 28 වෙනි දින විකාශය කළ ගවේෂණාත්මක වාර්තාමය වැඩ සටහනකට අනුව 2018 දි මිරිස්ස ප්‍රදේශයේ beach boy පිරිසක් තම පෙම්වතාට මත් ද්‍රව්‍ය ලබා දි මත් කිරිමෙන් පසුව තමන්ව දූෂණය කිරීමට උත්සහ කළ බව එක් බ්‍රිතාන්‍ය සංචාරක කාන්තාවක් සඳහන් කොට තිබෙනවා.

තවත් බොහෝ පිරිසක් පවසා ඇති පරිදි ලිංගික අතවර සිදු කිරීම හා ශාරිරික වශයෙන් පහර දීම එම ප්‍රදේශයේ ඉතා බහුල සිදුවීමක් බවට පත් වී තිබේ. කෙසේවෙතත් ලැබි ඇති තොරතුරු අනුව අමාත්‍ය මුස්තාෆා විසින් මෙම මිරිස්ස ප්‍රදේශය නියාමනය කිරීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධ වී තිබේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ඔවුන් විසින් මෙම ප්‍රදේශයේ නිත්‍යානුකූල නොවන ඉදිකිරීම් 17 හදුනා ගෙන ඇති අතර එම ඉදිකිරිම් කඩා දැමීමට අධිකරණ අවසරය ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍ය මුස්තාපා විසින් එම ක්‍රියාවට එරෙහිව නිවේදනයක් පවා නිකුත් කොට තිබෙනවා. අමාත්‍ය මුස්තාෆා එම ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍යවරයෙක් නොවුවත් අමාත්‍යවරයාගේ එම ක්‍රියාව තවම සංචාරක අමාත්‍යාංශයේ අවධානයට ලක් වීනොමැත .

අමාත්‍ය මුස්තාෆාගේ මේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවේ. පොලිසියේ ආරංච් මාර්ග සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මුස්තාෆා මෙම ප්‍රදේශයට නිතරම පැමිණෙන සංචාරකයෙක් වන අතර මෑතකදීම සිදු වූ ලිංගික අතවරයන් හා ශාරිරික අඩත්තේට්ටම් සිදු වූ රාත්‍රියේදීද අමාත්‍ය මුස්තාෆා එම ප්‍රදේශයේ රැදි සිට ඇත.

එසේම 2018 අප්‍රේල් 8 වෙනිදා පවත්වන සාදයද අමාත්‍යවරයාගේ හා ඔහුගේ ගෝලබාලයන්ගේ සහභාගිත්වයෙන් සිදු කළ බව දැක්වෙන CCTV දර්ශනද මේ වනවිට පොලිසිය සතුව තිබේ.

එසේම වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන පරිදි එම ඉදිකිරීම් නැවැත්වීමේදි අමාත්‍ය මුස්තාෆා ගේ මැදිහත් වීම සිදු වී තිබේ.

” ඔහු අධ්‍යක්ෂකට දුරකතනයෙන් අමතා මෙවන් ඉදිකිරීම් ඉවත් කිරීමට ප්‍රතිපාදන නොමැති බව පැවසුවා” එම ආරංචි මාර්ග සඳහන් කළා.

නමුත් එලෙස සිය බලපෑම් වලින් ඉවත් කිරීම් නතර කිරීමට අමාත්‍යවරයාට නොහැකි වූ විට පහු සිය නවතම බලපෑම් කිරීමේ පුද්ගලයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යොදා ගැනීමට කටයුතු කොට තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.