Breaking
7 Feb 2025, Fri

ජනපති – අගමැති අද සීතල යුද්ධයක, ජනතාව කබලෙන් ලිපට,දින සියයයි රටම හාන්සී

Published on: Feb 23, 2020- ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතා අතර අද සීතල යුද්ධයක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් බඩු මිල ඉහළ ගොස් රටේ ජනතාවද කබලෙන් ලිපට වැටී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා

මහනුවර පැවති උත්සවයකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ.

යහපාලන ආණ්ඩුවේ දින 100 තුළ පාර්ලිමේන්තුවේ ආසන 45ක් තියාගෙන අපි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් මන්ත‍්‍රීවරු 45ක් තියාගෙන අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තා. එහෙම කරන්න පුඑවන් වුණේ අපේ නිසි කළමණාකාරිත්වයක් තිබුණ නිසා. නමුත් මේ ආණ්ඩුවේ දින සියය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියයට සීයකින් ඉහළ ගිහින්. අපි රැකියා දුන් අය පවා ඉවත් කරලා. මෙහෙමයි මේ අය ආණ්ඩු කරන්නේ.

මේ ආණ්ඩුව මුදල් නැහැ කියලා මාස 03ක් යන්න කලින් පාර්ලිමේන්තුවේදි කෝටි 1088කට ඉල්ලීමක් කළා ණය ගෙවන්න. සංවර්ධන සහ ණය වශයෙන් කොටස් දෙකක් තිබුණා. අවසානයේදි ආණ්ඩුව ඒක ඉල්ලා අස්කරගත්තා. අපි පැරැද්දුවේ නැහැ. තව තව ණය ගන්න අපේ ඡන්දය දෙන්න අපි සූදානම් නැහැ.

සති දෙකකට කලින් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් අවුරුදු 03ක ණය විරාමයක් ඉල්ලූවා. අපි 2020 වසරේ අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් වලට අවශ්‍ය මුදල් වෙන්කරලයි ගියේ. සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මය, විදුලි බල හා පොහොර සහනාධාරය වැනි සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන්කළා. මැතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් අපට පැවසුවා ලබන වසරේ අපේ රට ගෙවීමට ඇති සිය`එම ණය මුදල් වෙන්කර අවසන් බව.

අපේ කාලයේ ජීවන වියදම් කමිටුවක් තිබුණා. සතියකට වරක් භාණ්ඩ මිල පිළිබඳව අපි සාකච්චා කරලා ජනතාවගේ ජීවත් වීමේ ප‍්‍රශ්ණ වලට අවධානය යොමුකළා. නමුත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ ලගදී බැදුම්කර පිළිබද විවාදයක් තිබුණා. පසුගිය ආණ්ඩුව 2015ට කලින් බැදුම්කර සමඟ සෙල්ලම් කරලා මිලියන ගණනාවක පාඩුවක් කළා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි කතාකළා.

අද පොහොට්ටුවට නැවත ඡන්දයක් ඉල්ලන්න පුඑවන් කිසිම වැඩක් මේ වන තෙක් කරලා නැහැ. බොරුවට රැකියා ඉල්ලූම්පත‍්‍ර බෙදනවා විතරයි. ඉදිරි මැතිවරණයේදි අපිට මේ සියල්ල නැවත වෙනස් කරන්න පු`එවන්.

අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමිවන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස හිටපු හමුදා නිලධාරියෙක් පත්කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස්කළා. පැහැදිලිවම ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.