Breaking
24 Feb 2025, Mon

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන බයිලා කියු බෝපගේට කෙලවේ…විජිත් රෝහණට කියා කේන්දරය බලාගත්තොත් නරකද?

විජිත් රෝහණ ජනපති ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස් පරීක්‍ෂණ.. ජ්‍යෙතිශ පොත අනුව ජනපති මිය යන්නේ නෑ.. යනුවෙන් කියමින් සිරිසේනට ගොට්ට අල්ලා ගොඩ යන්න උත්සහ කරමින් සිටින මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‍ෂ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක්‌ ජනාධිපතිට සහ අගමැතිට භාරදීමට තීරණය කර තිබේ.

තම මැතිවරණ කොට්‌ඨාසවල ජනතා සේවයට සක්‍රීයව දායක වීමට කුලී පදනම මත වාහන ගැනීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබාදී තිබියදීත් ඊට එරෙහිව කටයුතු කිරීමෙන් ජනමාධ්‍ය ලේකම්වරයා කැබිනට්‌ තීරණ ද අභියෝගයට ලක්‌ කර ඇතැයි මන්ත්‍රීවරුන් මෙම ලිපියෙන් කරුණු දැක්‌වීමට නියමිතය.

කුලියට මන්ත්‍රීවරුන් සඳහා ලබා ගන්නා වාහන නැවතත් රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කර තිබියදීත් අමාත්‍යාංශ ලේකම්වරයා එය පිළිනොගැනීම දැඩි ගැටලුවක්‌ බව මෙම ලිපියෙන් පෙන්වා දෙන බව ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරයෙක්‌ ‘දිවයින’ ට කීය.

කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ බල ගන්වන ලෙස විෂයභාර ඇමැතිවරයා දැනුම්දී තිබියදීත් ලේකම්වරයා එය ක්‍රියාත්මක නොකරන්නේ කුමන පදනමකින් දැයි ඔවුහු ප්‍රශ්න කරති.

ඒ අනුව නිමල් බෝපගේ මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස අභියෝගයට ලක්‌ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ලිපිය භාරදීමට ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීරණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.