Featured

ජනපති විජයමුණිගේ අනාවැකියෙන් කලබල විමේ රහස මෙන්න

ප්‍රකට අනාවැකි කියන්නේකු මෙන්න ඡ්‍යෝතීර්වේදියෙකු වන විජිත් රෝහණ විජයමුණි මහතා සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කියා තිබේන අනාවැකිය සම්බන්ධයෙන් මුලදි නොසලකා සිටියද පසුගියදා ජනාධිපතිවරයාට සමිප ජ්‍යෝතිෂවේදීන් මෙන්ම භික්ෂුන් වහන්සේලා රැසක් කර තිබේන අනාවරණයන් හේතුවෙන් කලබලයට පත්වි ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

එයට ප්‍රධානතම හේතුව වන්නේ ජනාධිපතිවරයාට හිතවත් ජ්‍යෝතිෂය කටයුතු වල නිරත ස්වාමීන්වහන්සේ නමක්ද එළඹෙන ජනවාරි මාසය ජනාධිපතිවරයාට මාරක අපල සහිත මාසයක් බවට අනාවැකි පල කර තිබීම වන අතර ඒ අනුව ජ්‍යෝතිෂය උපදෙස් අනුව ජනවාරි මුල් සතියේ රට පුරා බෝධි පූජා පැවැත්විම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ඒහි ප්‍රධාන කාර්යයන් සිරිසේනගේ ජ්‍යොතිෂ පිනවන්නියට භාර දි තිබේ.

ස්වාමීන්වහන්සේගේ අනාවරණයත් සමග කලබලයට පත්වු සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා වෙබ් අඩවි සම්බන්ධයෙන් හදිසියේම විශේෂ නීති හදුන්වා දිම සදහා මෙන්ම ඒ හරහා විජිත් රෝහණ විජයමුණිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි මස 26 වැනිදාට පෙර මියයන බව පවසමින් එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති වාර්තා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන මෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත්තේද ඒම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙසය.

2017 ජනවාරි 28 ට පෙර මෛත්‍රිපාල සිරිසේන මිය යන බවත් තමා කියූ අනාවැකියක් වැරදුණහොත් තමා මින් ඉදිරියට කිසිදු අනාවැකියක් ප්‍රකාශ නොකරන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි යලිත් තහවුරු කළා.  

ගෙදර ගියෝත් සිරා නසී…මග හිටියත් සිරාම නසී…… by lnwtoday

Top