Breaking
25 Feb 2025, Tue

ජනමාධ්‍යවේදීන් බල්ලන් යැයි කී රනිල් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට මෛත්‍රීට කොන්දක් තිබේද?

දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ තහනම් කර හෝ කාන්තාවකට ඒ තැන ලබාදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැන නගී. මා පළමුවෙන් ම කිවයුත්තේ  සංඛ හෝ ඒ කාන්තාව හෝ මගේ මිතුරකු මිතුරියක හෝ විරුද්ධවාදියකු හෝ නොවන බව ය.

සංඛගේ නික්ම යෑමට හේතුව නිදහසක් නැති දිනයක කිශානි ජයසිංහ නම් ගායිකාවක දන්නෝ  බුදුන්ගේ  ගීතය ගැයීම පිළිබඳ ව සංඛ කළ විචාරයක් බව පැහැදිලි ය. මම එදින ද සුපුරුදු පරිදි දෙරණ අරුණ නැරඹීමි. සංඛ කියා සිටියේ දන්නෝ බුදුන්ගේ එකී ගායනය ඇසුණු ගැමියකු බැළලියක් කෑ ගසන්නේ යැයි සිතා ගඩොල් බාගයකින් දමා ගැසිය හැකි  බව ය. වචන කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ එය ය.

මම සංගීතඳයෙක් නො වෙමි. මගේ විෂය දැනුම සංස්කරණය කිරීම ය. එහි දී වෙනත් සංස්කෘතීන්ගෙන් දැනුම ලබාගැනීම ගැන ද මම අධ්‍යයනය කරමි. සංගීතය ද දැනුමකි. එය සංස්කෘතියට අයත් ය. කිෂානි ජයසිංහ ගැන මා ප්‍රධාන වශයෙන් ම දන්නේ පුවත්පත් කියවා ලබාගත් තොරතුරු ය.  ඇය දක්‍ෂ ගායිකාවක් යැයි මම විශ්වාස කරමි. ඇය ජෝන් ද සිල්වා මහතාගේ මිණිබිරියක යැයි ද කියැවේ. සීයා හා මිණිබිරිය අතර වෙනස කුමක් ද?

සීයාගේ ගීතය සිංහල බෞද්ධයන් විසින් වැළඳ ගනු ලැබ ඇත. එහෙත් මිණිබිරියට එල්ල වන්නේ විවේචන ය (මා ගල් මුල් යැයි නොකියන්නේ මා ද වරදවා වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි!). ඇය විසාකා විදුහලේ ඉගෙන ගත් බව පැවසෙයි. වික්‍රමබාහු කරුණාරත්න ඉගෙනුම ලබා ඇත්තේ ආනන්ද විදුහලේ ය.  යමකු යම් විදුහලක ඉගෙනීීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගන්නේ යැයි හෝ නොගන්නේ යැයි හෝ කිව නො හැකි ය. ලංකාවේ ඇති සියලු පාසල් ක්‍රිස්තියානි සංස්කෘතියේ පාසල් බව මගේ වැටහීම ය.

සීයාගේ ගීතය ද ඔපෙරා ශෛලියෙන් ගැයූ බව කියැවෙයි. එහෙත් සීියාට ඔපෙරා ශෛලිය සිංහල සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ හැකියාව තිබී ඇත. සිංහල සංස්කෘතියට ඉතා තීව්‍ර ව ස්වර ගැයීමක් නො ගැලපෙයි. එවැනි ගැයුම් බැළලියන්ගේ කෑගැසීම් ලෙස සිංහල ගැමියන්ට  හැඟී යන්නේ නම් එහි වරද සංඛ අත නො වේ. ඔහු කර ඇත්තේ සිංහල සංස්කෘතියේ සිදුවිය හැකි යමක් ප්‍රකාශ කිරීම පමණ ය. අප බාහිර සංස්කෘතියකින් යමක් අවශෝෂණය කරගෙන ඒ අපේ දෙයක් බවට පත්කර ගැනීමේ වරදක් නැත. සීයා කර ඇත්තේ එයයි. මිණිබිරිය හුදු අනුකරණයක යෙදී ඇත. සිංහල සංස්කෘතිය විසින් ඇගේ ගායනය බැළලියකගේ කෑගැසීමකට සම කෙරෙයි. මිණිබිරිය සිංහල සංස්කෘතියේ ප්‍රතික්‍ෂෙප වෙයි. මිණිබිරිය දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර සංස්කෘතික ආධිපත්‍යය අප වෙත පැටවීමට උත්සාහ දරා ඇත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් කේන්ති ගොස් ඇත. සංඛ කිෂානිට බැළලියක් යැයි නොකී නමුත් රනිල්ට ඒ එසේ තේරුම් ගොස් ඇත. එයින් රනිල්ට සිංහල සංස්කෘතිය ගැන ඇති අවබෝධය ද හෙළි වෙයි. ඒ කුමක් වුවත් සංඛ කිෂානිට බැළලියක් යැයි කී පදනමෙන් (ඒ එසේ නොවුවත්) ඔහුට අද සේවය හැර යෑමට සිදු වී ඇත. එහෙත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. රනිල් සංඛ දෙරණ හා වෙනත් මාධ්‍යයන් ගැන කියමින් මේ බල්ලන්ට මෙවැනි බලු වැඩ කිරීමට ඉඩ දිය නොහැකි යැයි කියා ඇත. ඔහුගේ ප්‍රකාශයෙහි අදාළ කොටසට පහත සඳහන් සබැඳියෙන් සවන් දිය හැකි ය. බැළලියන් ගැන මතක් කිරීම නිසා දෙරණ ආයතනය සංඛ ඉවත්කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙරණ ආදර්ශයට ගෙන ඇතැම් ජනමාධ්‍යවේදීන් බල්ලන් යැයි කී රනිල් වික්‍රමසිංහගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කරන්නේ ද? සංඛගේ සේවය අත්හිටුවීමට මෙන් ම එයට ද මම විරුද්ධ වෙමි. රැකියාවක් නොමැතිව වසර දහයක් ගෙදර සිටීමේ කටුක අත්දැකීම මට ඇත. ඒ නැතත් යමකු රැකියාවකින් ඉවත්කිරීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතිය යුතු ය.

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 14

හරියට සිංහල නොදන්නා නුතන දොන් ජුවන් ධර්මපාල හේවත් පි.රනිල් වික්‍රමසිංහ මාධ්‍යට ගැරහුවද සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් අපගේ ගෞරවය අප ඔබට පිරිනමමු.

උඩු බිරු බැල්ලියට කඩේ ගිය අගමැති බලු කුක්කා …

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.