Featured

ජනමාධ්‍ය ඇමතිකමට රනිල්-මෛත්‍රී සටනක්!-කීලී ආණ්ඩුවට කෙලවන ලකුණු

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කඩා බිද දැමිමේ කුමන්ත්‍රණයේ යෙදි සිටින කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාගේ කොන්ත්‍රාත්කරුවෙකු අලුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා බවට පත් කලයුතු බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කර ඇති බලපෑම් හමුවේ අලුත් අවජාතක ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරිම අර්බුදයක් බවට පත්ව ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා පත්කිරිම තමන්ට සිදුකිරිමට අවශ්‍ය බව දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති පණිවිඩයක් යවා ඇති අතර අගමැතිවරයා එම ඉල්ලිම එක හෙලාම ප්‍රතිකේෂ්ප කර තිබේ.

කීලී මහාරාජාට හිතවත් අයෙකු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්කර ගැනිම හරහා සිරස ඇතුලු මහාරාජා මාධ්‍ය එකාධිකාරයක් රටේ ගොඩ නැගිම සහ ඒ හරහා වසර දෙකක් යන විට රනිල් වික්‍රමසිංහ අගමැති කමින් පන්නා දමා කීලීට නැටවිය හැකි සජිත් ප්‍රේමදාස වැන්නේකු රටේ අගමැති ලෙස පත්කර ගැනිම  රාජා මහේන්ද්‍රන් සහ මෛත්‍රීපාල සිරිසේනගේ එකම අරමුණ වි තිබේ.

Top