Featured

ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පීයා අල්ලස් ගද්දි මාට්ටු, දහම් කොමසාරිස් බලය පෙන්වයි

ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා කප්පම් ගැනිමට යන අවස්ථාවේ අල්ලස් හා දුෂණ විමර්ශ්ණ කොමිසමේ නිළධාරින්ට අතටම් අල්ලා දුන් අවස්ථාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ නිකම් පුත්‍රයා අන දහම් සිරිසේන විසින් අල්ලස් හෝ දුෂණ නිළධාරීන්ට දේශනයක් දි සුදත් බේරා ගැනිමේ සිද්ධියක් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පොලියට හිලව්වට ආභදිත සෙබලාගෙ කෘතිම පාදය අරන් ආව මතුගම පොලි සුදා හෙවත් එජාපයේ ජගත් විතාන පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වු උත්සවයකට සහභාගි වි එති අතර එහිදි මෛත්‍රීපාල සමග සිට ගත් ඡායාරූපය කිහිපයක් තමන්ට ලබාදෙන ලෙස පොලි සුදා ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වාගෙන් ඉල්ලා තිබේ.

පසුව තමන්ගේ දුරකථනයට අමතන් ලෙස සුදත් පොලි සුදාට පවසා ඇති අතර එ අනුව ඇමතුම ගත් සුදාට සුදත් පවසා ඇත්තේ අදාළ ඡායාරූපය සදහා තමන්ට රුපියල් 75,000ක මුදල් අවශ්‍ය බවත් ඡායාරූප අවශ්‍ය නම් අදාළ මුදලද රැගෙන ලෙක්හවුස් ඉදිරිපිටට පැමිණෙන ලෙසද දන්වා තිබේ.

සුදත් සිල්වා කවදත් ඡායාරූපය දුන්නේ සල්ලිවලට බව හොරෙන් මුදල් දි ඡායාරූප ගත් අය පමණක් දන්නා රහසකි.ජනාධිපතිවරයා සමග සිටින ඡායාරූපය පෙන්වා ඩිල් දමා ගැනිමට ඇති අවශ්‍යතාව නිසාම සුදත් ඉල්ලන් ගානක් දෙන එක ඒතරම් ගැටලුවක් නොවන බව ඡායාරූප ගත් අය හොදින් දනි.

යකෝ ඔකා මහින්ද ගාව ඉදලා අපේ ලොක්කාට වැදලා මෙතන්ට ඇවිල්ලා අපෙන්ම පගාව ගහනවා…යනුවෙන් පොලි සුදා සිය මිතුරෙකුටද මෙම සිද්ධිය පවසා ඔහු හරහා අල්ලස් හා දුෂණ නිළධාරින් කිහිප දෙනෙකුට මේ බව පවසා තිබේ.

පසුව පොලි සුදා අල්ලස් හා දුෂණ විමර්ශ්ණ කොමිසමේ නිළධාරින්ට මේ බව දැනුම් දි නිළධාරීන් කිහිප දෙනෙකු සමග ලේක්හවුස් ඉදිරිපිටට පැමිණ ඇති අතර ඡායාරූප ලබා ගැනිම සදහා මුදල් ලබා ගන්නා අවස්ථාවේදි අල්ලස් නිළධාරීන් ඒ සම්බන්ධයෙන් සුදත්ගෙන් ප්‍රශ්ණ කිරිමට පටන්ගෙන් තිබේ.ඒ සමගම සුදත් සිය දුරකථනයෙන් දහම් සිරිසේනට සහ ජනාධිපති මාධ්‍ය එකකයට ඇමතුමක් ලබාදි ඇති අතර පසුව ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන අල්ලස් හා දුෂණ නිළධාරීන් ජනාධිපති මැදුරට ගෙන්වා සිද්ධිය සමථයකට පත්කිරිමට කටයුතු කර ඇති අතර අල්ලස් නිලධාරින්ට දහම් දැඩි ලෙස උපදෙස් දි ඇති අතර “ඔනෑ දේටයි…එපා දෙටයි දෙකටම හොට දාන්න එපා ” යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.

“සර් මමත් හොඳ ඔරිජිනල් යූඑන්පී කාරයෙක්. අපේ පරම්පරාවම යූඑන්පී කාරයො. මාව දේශපාලනේට ගෙනාවෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා තමයි මගේ ගුණසිංහ පුරේ ස්ටුඩියෝ එකත් ඕපන් කලේ. ඊට කලින් එතුමා අපි කීප දෙනෙක්ව ජපානෙ එක්කන් ගියා. අපි ජපානයෙ ගල් වුනා. ඒ හම්බ කර ගත්ත දේවල් වලින් තමයි ලංකාවට ඇවිල්ලා ස්ටුඩියෝ එක දැම්මෙ. එතුමා ඒ වෙනකොට ජනාධිපති”යනුවෙන් පවසමින් ජනාධිපතිගේ නිළ ඡායාරූප ශිල්පියා ලෙස යලිත් ඔලුව දාගත් බව එවකට ප්‍රසිද්ධ රහසක්.

Top