Featured

ජනාධිපති මන්දිරයේ පැය 4ක කුමන්ත්‍රණය මාට්ටු-කුජිත වු හැලපයෝ නිලංග දැලට මඩ ගසයි

මහින්ද රාජපක්ෂලා සමග සමිප සම්බන්ධතා ඇති අයෙකු දළඳා සමිඳුන්ගේ ආරක්ෂකයා විම ඉතාමත් නුදුරු දිනකදි හිසරදයක් වන බව දැනගත් බෙදුම්වාදී යහපාලකයන් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර එජාප මෙන්ම මෛත්‍රී-චන්ද්‍රිකා හිතවාදි නෙරංජන් විජයරත්නට ලබාදිමට ජනාධිපති මන්දිරයේ සිට පැය 4ක මෙහෙයුමක් දියත් කර තිබුනු බව අප ඔත්තුකරුවන් අනාවරණය කිරිමත් සමග කලබලයට පත්වු කුමන්ත්‍රණකරුවන් අවුකන රජමහා විහාරාමාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමියන් යොදවා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වශයෙන් පත්වූ නිලංග දෑල පත්කිරිමට තමන්ට  ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ලබා දීමට තැත් කල බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නිලංග දැල කපා නෙරංජන් දියවඩන නිලමේ කිරිමට ජනාධිපති මන්දිරයේ ක්‍රියාත්මක වු පැය 4ක කුමන්ත්‍රණය ලෙස අප පසුගියදා කල හෙලිකිරිමෙන් පසුව මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවු රිලවු කණ්ඩයම අත්තන ඇට කෑ රිලවු මෙන් තැන තැන දුවමින් අදාළ කුමන්ත්‍රණය පාවාදුන් අය සොයමින් තර්ජනය කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

පසුව අදාළ කුමන්ත්‍රණය අනාවරණය විම සහ එයින් එල්ල වන චොදනා වලක්වා ගැනිම සදහා  ධම්මකිත්ති හිමියන් යොදවා මෙම පැමිණිල්ල කර තිබේ.අවුකන රජමහා විහාරාමාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමියන් යනු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ මාසික ගෙවිම් ලබන හිමිනමකි.

මිට අමතරව කුමන්ත්‍රණයට දායක වු මහ බැංකු හොරා වන රවි කරුණානායක හරහාද පැමිණිල්ලක් එල්ල කර ඇති අතර

එහි සඳහන්ව ඇත්තේ මෙම නිලවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට හැකියාව ඇති ප්‍රාදේශීය ලේකම්වරුන් 115 ක් දෙනාගේ සහ පවුල් වල අයගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසයි. නිලංග දෑල විසින් මෙම ප්‍රා .ලේකම්වරු පිරිස සහ ඔවුන්ගේ පවුල් වල අය නිලවරණය දින මහනුවරට කැඳවා ක්වීන්ස්, සුවිස්, අර්ල්ස් රීජන්සි, මහවැලි රීච් සහ ඕර්සෝ යන සුඛෝපභෝගී හෝටල් වල නවාතැන් ලබා දී ඔවුන්හට අල්ලස් මුදල්ද ලබා දී ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන් ව ඇත.

Top