Featured

ජනාධිපති මාධ්‍ය එකකය දෙදරයි….එකාට එකා මරා ගනී

රාජ්‍ය පාලනය කෙසේවෙතත් අඩුම තරමේ තමන්ගේ මාධ්‍ය එකකයවත් පාලනය කර ගැනිම්ට තරම්වත් තමන්  දක්ෂයෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට ඔප්පුකර හමාරකර තිබේ.

බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එම සදහා රාජපක්ෂලාට එරෙහි රටේ මෙහෙයුම දියත් කරමින් රට දෙකඩ කිරිමේ ඉන්දිය කුමන්ත්‍රණය දියත් කල ඉන්දිය “රෝ” ඔත්තු අංශයේ සමාජිකයෙකු ලෙසත් අමෙරිකානු CIA නියෝජිතයන් කටයුතු කරන ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල හේරත් වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරිමෙන් පසුව ජනාධිපති මාධ්‍ය එකකය දෙදරා ගොස් තිබේ. (කියවන්න – රෝ,CIA නියෝජිත ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල ඉවතට!)

ජනාධිපති මාධ්‍ය ඒකකය දේශපාලනීකරනය වීම සහ ඒතුල ඇති වී ඇති පරිපාලන ගැටළු සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් තමා මෙම ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල හේරත් ජනාධිපතිවරයාට යොමුකල ලිපියේ සදහන් කර තිබේ.

උපුටා ගැන්ම ඔෂල හේරත්ගේ ඉල්ලා අස්විමේ ලිපිය යැයි ඔහු විසින් පවසන ලිපියේනි…

ජනාධිපති මාධ්‍ය අංශය තුලින් හුදෙක්ම සිදුවනුයේ ඔබතුමා පිළිබඳ වාර්ථාකරනයක් පමණක් බවත් ඔබතුමාගේ යහපාලන සංකල්ප ප්‍රවර්ධනය කිරීමේ කාර්යය සිදුවනුයේ ඉතාමත් සුළු වශයෙන් බවත් මාගේ හැඟිමයි. එයට එක් හේතුවක් වනුයේ ඔබතුමාන්ගේ යහපාලන වැඩපිළිවෙල ප්‍රවර්ධනය සහ සමාජ සත්කාරයන් හා දේශපාලන ක්‍රියාකාරකම් සමාජගත කිරිම සඳහා විධිමත් මූලෝපායන් ක්‍රියාත්මක නොවීමයි. ඔබතුමන් ගේ යහපාලන ඉලක්කයන් සාර්ථක කර ගැනීමට සහ ප්‍රධාන සතුරා පරාජය කිරීමට නම් මෙතෙක් අපට එරෙහිව සිටි කණ්ඩායම් වල පක්ෂපාතීත්වය සහ සහයෝගය ඔබ වෙත ලබා ගැනීමට ක්‍රියා කලයුතු බව මෙගේ විශ්වාසයයි. ඒ සදහා බාහිර මාධ්‍ය ආයතන සමග සමබර සම්බන්ධතාවයක් ජනධිපති මාධ්‍ය අංශය විසින් පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්වේ. එයද එසේ සිදු නොවෙනු බව මගේ හැගීමයි.

අනෙක් හේතුව ජනාධිපති මාධය අංශය තුල ඇති පරිපාලන ගැටළු, සම්බන්ධීකරන දුර්වලතා සහ අභ්‍යන්තර දේශපාලනීකරනය වීම නිසා එහි කාර්යක්ෂමතාවය බිඳවැටී තිබීමයි.
පැවරී ඇති වගකීම් වලට මා කොතරම් ඇලුම් කලත් එම වගකීම් කාර්යක්ෂමව සිදුකිරීමට යහපත් පරිසරයක් ජනධිපති මාධ්‍ය ඒකකය තුල නොතිබීම නිසා මාහට සාධාරණීකරනය කළ හැකි කාර්ය භාරයක් කිරීමට බාධාවකි. එමනිසා මා මේ ආකාරයෙන් තවදුරටත් රාජකාරි සිදු කිරීම ඔබතුමාගේ යහපාලනයට පටහැනි වන අතර මගේ හෘදසාක්ෂියට ද එකඟ නොවේ.

උපුටා ගැන්ම අවසන්…(රතු පැහැති කොටස් සදහා අවධානය යොමු කරන්න.)

ඔෂල හේරත් එලවිමට හෝ ඔහු විසින්ම යැමට හෝ බලපෑම් කල අකාරය ඉහත උපුටා ගැන්ම හරහා අවබෝධ කරගත හැක…

එනම් සිරස මාධ්‍ය ජාලයේ හිමිකරුගේ ගෝලයන් වන ඔහුගෙන් වැටුප් ලබනා ශිරාල් ලක්තිලක ,ධර්ම ශ්‍රී ඒකනායක,මලිත් ජයතිලක , අශෝක අබේගුණවර්ධන නමැති සක්කිලි මහරජාගේ හෙන්චයියන් විසින් මෙහෙයවන වර්තමාන ජනාධිපති මාධ්‍ය අංශය යනු රාජා මහේන්ද්‍රන් නොහොත් සිරස හිමිකරුගේ ඕන එපා කම් වෙනුවෙන් පෙනීසිටින මාධ්‍ය ගණිකා  මඩමක් බවට පත්වී අවසාන විමය.

එය කෙසේද කියතොත් ජනාධිපතිගේ ප්‍රවෘත්තියක් හෝ වීඩියෝවක් ධර්ම ශ්‍රී විසින් විසින් මුලිම ලාබාදෙන්නේ සිරස වෙතය . අනෙකුත් මාධ්‍ය එම ප්‍රවෘත්තිය සිරස හරහා ලබාගන්න තැනට මේ වන විට පත්වී ඇත.දැනට අපවෙත වාර්තා වී ඇති එක උදාහරණයක් වන්නේ යම් කිසි මාධ්‍යවේදියෙකුට හෝ ආයතනයකට කිසිදු හදිසි දැන ගැනීමක් සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ තනතුරු දරණා වගකීමක් සහිත එකදු පුද්ගලයෙක් හෝ අල්ලා ගැනීමට කොයිම මොහොතකදී හෝ නොහැකි වීම ය. මෙය බරපතල ලෙස විදෙස් මාධ්‍යවේදීන්ට බලපා ඇත.

ශිරාල් ලක්තිලක නොහොත් දික්කසාද නඩු කතාකිරීමට ලිංගික අල්ලස් කාන්තාවන්ගෙන් ලබාගන්නා පින්පියා ඊට නොදෙවැනිය. යහපාලනයක් වෙනුවෙන් චන්දය දුන් ජනතාවට එරෙහි වී කිලී මහරජාගේ සහ මවුබිම පත්තර කඩමාල්ලේ අයිතිකරු ටිරාන් ආදීන්ගේ පඹයෙකු වී සිටින ලක්තිලක අද පවතින්නේ සම්මුති ආණ්ඩුවක් ය යන්න පවා අමතක කර ඇත . ඔහු තවමත් තටමන්නේ රනිල් සහ මෛත්‍රී අතර ගට්ටනයක් ඇතිකිරීමට උගුල් ඇටවීමට ය. ඔහුට මොළයක් තිබේ නම් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස තුන් උලස් රූප පෙට්ටියේ දවස නමැති ජනතාව ගොනාට අන්දන වැඩ සටහන් ඉදිරිපත් කිරීමට යන්නේ ද නැත.එම තනතුරේ සිටිමින්ම පහුගිය මහා මැතිවරණ සමයේ ජනතාවට චන්දය දීමෙන් වැලකි සිටින ලෙසද ඉල්ලලා සිටින්නේද නැත . ඔහු තනතුරේ ගරුත්වය කිලි මහරජා වෙනුවෙන් ගණීකා වෘත්තියේ යොදවන්නෙකි.

අශෝක අබේසිංග මලිත් ජයතිලක යනු සේනක පුක්කුස වර්ගයේ උපදෙෂකයින් දෙදෙනෙකි. 

මලිත් ජයතිලක යනු පොදු අපේක්ෂකයෙක් වශයෙන් මෛත්‍රී එලියට එන්නට මත්තෙන් රාජපක්ෂ වට වන්දනාවේ ගිය චරිතයකි.රාජපක්ෂ බේරා ගැනීම සදහා ගණන් හිලවු හදා ඔහු පරදින ලකුණු ඇති බව පවසා රාජපක්ෂට එම අභියෝග වලට මුණ දිමට අවශ්‍ය වැඩකටයුතු සුදානම් කරමින් සිටින අවදියේ රාජපක්ෂ වාදී වෙනත් කණ්ඩායමකගේ ක්‍රියාවන් හේතුවෙන් යන එනමක් නැති වූ කල යහපාලන පිදුරු ගගේ එල්ලුන දේශපාලන අනාතයෙකි. ඔහුගේ ඇති එකම දක්ෂ කම කේලාම් සහ අනුන්ගේ දක්ෂතාවයන් හැල්ලුවට ලක්කර තමන් ලකුනු දා ගැනීමේ හැකියාවයි.

අනෙක් උපදෙශකායා වන්නේ අශෝක අබේසිංහයි, මොහු කාලයක් හෙළ උරුමයේ නියයචාර්ය වරයෙකු ලෙස සිට එයින් වෙන්වී ගම්මන්පිල පාර්ශවය නිජෝජනය කල අයෙකි. දැනට සිරස හිමිකරුගෙන් සන්තෝසම් සහ රතන උන්නාන්සේගේ ඕන එපාකම් වෙනුවෙන් පෙනීසිටින මොහුගේ අවශ්‍ය තාවයත් මෛත්‍රී ඔවුන්ගේ ඕඩොක්කුවේ නැටවෙන චරිතයක් බවට පත්කර ගැනීමටයි.

යම්කිසි පුද්ගලයකු අන්දවා ඉදිරියට යවා ඒ හරහා තම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙරට දේශපාලනයේ ප්‍රකට උපායක්ය. මෙසේ අන්දවා කඩේ යැවීම පිළිබඳව කිලිටි ඉතිහාසයක් ඇත්තේ සිරසේ කිලී මහරජාටය. ඒ විටින් විට එජාපයේ බලය ඇල්ලීමට උත්සහයක් ද කරමින්ය. විටෙක කරූව අන්දවා රනිල්ට අභියෝග කලේ කරූව නන්නත්තාර කරමින්ය. ඒ හරහා සජිත්ගේ ස්ථානය ස්ථාවරවිය. අනතුරුව සජිත්ව අන්දවා රනිල්ට අභියෝග කිරීමට තිස්ස භාවිතා කලේය. තිස්සද දේශපාලනයේ නන්නත්තාර විය. මෙසේ එක් එක් අයගේ ඇන්දවීම් වලට රැවටුනු දේශපාලයන්ට අවසානයේ සිදුවන්නේ අනාත වීම පමණක්ය. මෑත භාගයේ එසේ අනාතවූ තවත් චරිතයක් දෙකක් වන්නේ සරත් පොන්සේකා සහ සෝමවංශ අමරසිංහය. තමා ගැන අධිතක්සේරුවක සිටින බොහෝ දෙනා ඉන් වාසි ලබා ගැනීමට උත්සහ කරන පුද්ගලයන්ගේ රැවටීමට භාජනය වීම සමාන්‍ය තත්වයක්ය.

Top