Breaking
24 Feb 2025, Mon

ජවිපෙට යළි පණදී ජවිපෙන් නික්ම ගිය ‘සිරි අයියාට’ ආයුබෝවන්

ආයුබෝවන් යනු ශ‍්‍රී ලාංකිකයින් අතර පවතින සාම්ප‍්‍රදායික ආශීර්වාද පාඨයකි. එය පිළිගැනීම සහ වෙන්වීම යන එකිනෙකට පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිත කරන එකම වචනයද විය හැකිය. අපි ආයුබෝවන් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) 4වැනි නායකයාවූ සෝමවංශ අමරසිංහගේ(සිරි අයියා) දිවි සැරිය ජුනි 15වැනිදා අළුයම රාජගිරියේ බුත්ගමදී සමීප ඥාතිවරයෙකුගේ නිවසේදී නිමාවීම වෙනුවෙනි. ජවිපෙ 2වැනි කැරැල්ලෙන් පසු එය යළි නගාසිටුවීම සඳහා විශිෂ්ඨ කාර්යභාරයක් කල ඔහු ජවිපෙට එක්වූයේ 1969දීය. කළුතර පයාගලදී 1943 දි උපන් සෝමවංශ 1971 අප්‍රේල් කැරැල්ලේදී අප්‍රේල් 5වැනිදා අත්අඩංගුවට ගත් අතර නිදහස ලැබුවේ 1976දිය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් 1984 පත්වූ සිරි අයියා 2වැනි කැරැල්ලේදී දිවි බේරාගැනීමට සමත්වූ එකම දේශපාලන මණ්ඩල සභිකයාය. ජීවත ආරක්ෂාව සඳහා 1990 පෙබරවාරි මස ඉන්දියාවට බෝට්ටුවකින් පලාගිය ඔහු ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කරමින් 2014 පෙබරවාරි 2වැනිදා දක්වා ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය. අනූව දශකය මුල් භාගයේදී සෝමවංශ අමරසිංහගේ දුෂ්ටියේ දුබලතාවන් හේතුවෙන් විදේශගත දේශපාලන රැකවරණය ඉල්ලා සිටි බොහෝ පිරිසකට බලවත් හානිකර ප්‍රතිඵල උදාවූවද ජවිපෙ යළි ගොඩනැගීමෙහිලා ඔහුගෙන් ඉටුවූ සේවය අසමසමය. රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සඟයන් පවාදීම සහ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේදි ඔහු රඟපෑ භූමිකාව පිළිබඳව විවිධාකාර චෝදනා පැවතියද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

ජවිපෙට යළි පණදුන් සෝමවංශ අමරසිංහ 2015 අප්‍රේල් 16වැනිදා ජවිපෙන් ඉවත්ව ජනතා සේවක පක්ෂය නමින් නාමික පක්ෂයක්ද පිහිටුවන ලදී. ජවිපෙට බොහෝදේ කියාදී බොහෝ දේ උරුම කර දුන් සිරි අයියා අවසාන කාලයේදී ඒකාබද්ධ විපක්ෂය සමඟද එක්විය. මිය යන විට 73 වියේ පසුවූ සෝමවංශ එක්දරු පියෙකි. බිරිඳ අයිරාංගනී මාලනී මුණසිංහ වසර කිහිපයකට පෙර ජීවිතයෙන් සමුගත්තාය. සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතු සිදුකරන දිනය පිළිබඳව 2016 ජුනි 15 පස්වරු 3 දක්වා තීරණයක් කර නොතිබිණි. අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබිණි. – ධර්මන් වික්‍රමරත්න විසිනි.

JOPPS
ඒකාබද්ධ විපක්ෂ වේදිකාවකදී පස්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජානිපෙ නායක විමල් වීරවංශ සමගින් හයිට් පිටියේදී සෝමවංශ අමරසිංහ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.