Breaking
24 Jan 2025, Fri

ජවිපෙ නව නායකයා “බිමල්”-වෙනසක් නැත්තං පළාත් පාලන මැතිවරණය කොට උඩ

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක සහොදරයා පත්කලයුතු බවට යෝජනාවක් ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වි ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු සදහන් කලා.ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙල නායකත්වයන් අතර දැනට සිටින චොදනාවන් රහිතම පුද්ගලයා බිමල් බවත් තරුණ ජවය පක්ෂය සමග එකතු කරමින් දිර්ඝ කාලින වැඩපිළිවෙළක් යටතේ පක්ෂය යලි සංවර්ධනය කරමින් ජනතාව අතරට රැගෙන යාමට අවශ්‍ය නායකත්වය ලබාදියයුතු බව එම යෝජනාව හරහා ජවිපෙ දේශපාලන මණ්ඩලයට දන්වා තිබේ.

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුකිරිමට පක්ෂය අපොහොසත් වන්නේ නම් එය ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරන මැතිවරණයක් වනු ඇති බවයි අදාල යෝජනාව හරහා පක්ෂ දේශපාලන මණ්ඩලයට පෙන්වාදි ඇත්තේ.

BIMAL0පසුගියදා වත්මන් පක්ෂ නායක අනුර කුමාර දිසානයක සම්බන්ධයෙන් ඇතිවු අන්දොලනාත්මක තත්ත්වය පක්ෂ නායකත්වය වෙනස් කිරිම සදහා මුලිකව බලපෑමක් නොවු බවත් පසුගිය කාසිමාවේ ආණ්ඩු සමග අක්ල ගණුදෙනු අසාර්ථක විමත් ඒ හරහා පක්ෂයේ කෙඩරයට ඉතා දරුණු ලෙස හානී සිදුවිමත් හේතුවෙන් තවදුරටත් අනුරගේ නායකත්වය පිළිගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ කේඩරය තුල අකමැත්තක් ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ප්‍රකාශකයා සදහන් කළේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටින අතර අනුර කුමාර දිසානායකට ඒවාට පිළිතුරු දිමට නොහැකි වාතාවරණයක් පසුගිය කාලසිමාවේ කරණ ලද ඇතැම් ගණුදෙනු හරස් වි ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මීළඟ නායකයා ටිල්වින්ද, ලාල්කාන්තද මැයින් ජාතික පුවත්පතක ඉකුත් මැයි 8වැනිදා ප්‍රධාන ශිර්ෂය වශයෙන් පලවිය. අනුර කුමාර දිසානායකට එරෙහි කණ්ඩායම ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කර ඇති අතර අනුරගේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව එම පිරිසේ මතය වී ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස – අයර්ලන්ත ගමනේ ‘රස රහස’ මොකක්ද? මැයින් ඇතුළු පිටුවක විශේෂාංග ලිපියක් පළවිය. ඉරිදා සිංහල පුවත්පත් 1984 සිට සෙනසුරාදා නිකුත්වන හෙයින් මේ පුවත සෙනසුරාදා වන විට සමාජජාලා වෙබ් අඩවි හරහාද විකාශය විය. අතිරහත් තිත්ත වෙනවා කියනවාක් මෙන් එම පුවත්පත ජවිපෙ  කෝපයට ලක්විය.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.