Featured

ජවිපෙ පෝස්ටර් ගහන්නේ සල්ලි දිලා.. පක්ෂය නන්නත්තාර වෙලා…අනුරට මාස 3ක් කල් දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ජනතා බලය යලි ගොඩනැගිම සදහා මාස 3ක කාලයක් වත්මන් නායකත්වයට අභියෝගයක් ලෙස භාරදුන් බවත් එය ඉටුකිරිමට අසාර්ථක වන්නේ නම් ජවිපෙ නායකත්වය සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකමතිවක තින්දුවක් ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ……….(නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි.) අනාවරණය කළා.

යහපාලන ආණ්ඩුව සෑදිම වෙනුවෙන් සහ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කිරිම සදහා පක්ෂයේ කෙඩරය කටයුතු කිරිම හේතුවෙන් පක්ෂයේ ගම්මට්ටමේ බලය සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස් තිබේන බවත් යහපාලනය සමග බද්ධ වු වසර දෙකක කාලය තුල මේ තත්ත්වය තවදුරටත් බරපතල වු බවයි මාධ්‍යම කාරක සභිකයා සදහන් කළේ.

අවස්ථා ගණනාවකදි පක්ෂයේ මධ්‍යම් කාරක සභාව පවා පවත්වා ගැනිමට නොහැකි තත්ත්වයන් උදා වු බවත් ගම් මට්ටමේ ග්‍රාම සේවා මට්ටමින් පිහිටුවා තිබු පක්ෂයේ සංවිධාන සියල්ලම මේ වනවිට විනාශ වි ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමිය නායකයන් හරහා එම සංවිධාන සියල්ලම විවිධ වරප්‍රසාද ලබාදිම හරහා සියතට ගැනිමට කටයුතු කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

“අපේ පක්ෂයේ මහා ලේකම් (ටිල්වින් සිල්වා) සහොදරයා මේ පක්ෂය රැක ගන්න සෑහෙන වෙහෙසක් දරණවා….අද වෙනකොට පක්ෂයේ ග්‍රාමිය මට්ටමින් සියලු සංවිධාන කඩාගෙන වැටිලා ….කෙලින්ම කිව්වොත් පොස්ටරයක් ගහන්න ගමේ සාමාජිකයෙක් නෑ…. සමහර ආසන වල පළාත් මන්ත්‍රීවරයා තනියම රෑ එළිවෙනකම් පෝස්ටර් ගහනවා… කියන්න ලැජ්ජා වෙන්න ඔනෑ නෑ….මේ ලගදි පෝස්ටර් ගැහුවේ පෝස්ටර් අලවන ආයතනයකට සල්ලි දිලා ….”

“පක්ෂයේ කඩා වැටිම ගැන අපි දිගින් දිගටම කතා කලා …අවස්ථා ගණනාවක මධ්‍යම කාරක සභාව පවත්වන්න බැරි තත්ත්වයන් උදාවුනා… ග්‍රාමසේවා මට්ටමින් පවත්වපු මාසික සංවිධාන රැස්විම අවුරුදු 2කට කිට්ටි කාලයක් පවත්වා නෑ..ආසන සංවිධාන යලට -මහට විතරයි පවත්වන්නේ දිස්ත්‍රික් සංවිධාන සමහරුන්ට හිතුනාම තමයි තියන්නේ….අද තියෙන්නේ ”

“පක්ෂයේ මහ ලේකම්වරයා ඉන්නේත් කලකිරිමෙන් මේ වගේ තත්ත්වයක් 88-89 කලයේදිවත් උදාවුනේ නෑ …අපි පක්ෂයේ නායකයාට මාස 3ක කාලයක් දුන්නේ ආණ්ඩු විරෝධි සටන හරහා පක්ෂයේ සමාජිකයන් සහ සංවිධාන ව්‍යහය යලී ප්‍රති නිර්මාණය කරන්න.. මේ තියේන තත්ත්වය අනුව පළාත් පාලන් මැතිවරණයක් කැදවිමට ආණ්ඩුව කටයුතු කලහොත් ඒ සදහා ඉදිරිපත් නොවිමට පක්ෂය තිරණය කර තිබේන බවද ඔහු අනාවරණය කර සිටියා.

Top