Featured

ජවිපෙ මන්ත්‍රී ජනපති හමුවේ -රාජ්‍ය ඇමතිකමට ඉව අල්ලයි

පසුගිය මහා මැතිවරණ සමයේ උතුර දකුණ මාරු වි සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුටත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පලකර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.අදාළ මන්ත්‍රීවරයා එජාප-ශ්‍රිලනීප අය වැය හා රජය විවේචනය කිරිමෙන් පසුගිය කාලසිමාව තුල ඉවත්ව සිටි අතර ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අදාළ ඩීල් එක නිසා බවද අනාවරණය වි තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ස්ථාවරයක පිහිටා කටයුතු නොකරන බවත් සල්ලි ලැබෙන ප්‍රමාණය මත පමණක් පිහිටා කටයුතු කරන බවත් අදාළ මන්ත්‍රිවරයා ශ්‍රිලනිපයේ මෛත්‍රී පාර්ශවයේ ප්‍රභල අමාත්‍යවරයෙකු සමග පවසා ඇති අතර පසුව ඇමතිවරයා විසින්ම ජවිපෙ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවිමට රැගෙන ගොස් ඇති අතර එහිදි සිදුවු සාකච්ඡා වලින් පසුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට රාජ්‍ය ඇමතිකමක් ලබාදිමට පොරොන්දු වි තිබේ.

“ජවිපෙ නායකයා කාලයකට රනිල් අල්ල ගන්නවා…කාලයකට ඔබතුමා අල්ල ගන්නවා…..කාලයකට මහින්ද අල්ල ගන්නවා….චීන සංචාරයෙන් පස්සේ මහින්දට දැන් ගහන්න එපා කියනවා…….අනේ මන්දා එයාගේ වැඩ ගැන අපි කාටවත් දැන් පැහැදිමක් නෑ …….” යනුවෙන් අදාල ජවිපෙ මන්ත්‍රීවරයා පවසා තිබේ.

ජනවාරි 08 වනදාට ප්‍රථමයෙන් අමාත්‍ය මණ්ඩලයේ සංශෝදනයක් සිදු කිරිමට ජනාධිපතිවරයා සුදානමින් සිටින අතර එම එම සංශෝධනයේ ප්‍රධානම අරමුණ වි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම ආණ්ඩු පක්ෂයට එකතු කර ගැනිමට මෙහෙයුමක්ද දියත් කර තිබේ.

Top