Breaking
23 Feb 2025, Sun

ජාත්‍යන්තර මුදල් කොල්ල කෑ ට්‍රාන්ස්පේරන්සි තොරතුරු නිලධාරී කීර්ති ජයතිලක යන්න යයි…. නව තොරතුරු නිලධාරී ආතල්!

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු නිලධාරී කීර්ති ජයතිලක හිටිහැටියේ එම තනතුරෙන් සහ ඔහු දරමින් සිටි පරිපාලන සහ මූල්‍ය කළමනාකාර ධූරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගොස් තිබේ.

පසුගිය වසරකට වැඩි කාලයක් ට්‍රාන්ස්පේරන්සියේ විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනා වසන් කිරීමේ කටයුතුවල වගකීම පැවැරුණේ ඔහුටය. ට්‍රාන්ස්පේරන්සියේ දූෂණ ගැන RTI තොරතුරු අයදුම්පත් ඉදිරිපත් කරමින් විවිධ පිරිස් තොරතුරු විමසද්දී ඒ කිසිම දූෂණ චෝදනාවක් ගැන යන්තමින් හෝ තොරතුරක් ලබා නොදෙමින් අධක්ෂවරුන්ගේ ප්‍රසාදය හිමිකරගැනීමට ඔහු සමත්විය.දූෂණවලට එරෙහිවීම නිසා ට්‍රාන්ස්පේරන්සි කාර්ය මණ්ඩලයෙන් ඉවත්කර ගෙදර යැවු සේවකයින්ට වාර්ෂික නිවාඩු , පාරිතෝෂික දීමනා නොගෙවීම් ගැන කම්කරු පැමිණිලිවලදීත්, ඔවුන් නඩු මගට ගියවිටත් ට්‍රාන්ස්පේරන්සිය වෙනුවෙන් ඉදිරිපත් වෙමින්, අසෝක ඔබේසේකර සහ සභාපති ලක්ෂාන් ඩයස් වගකිවයුතු වැරදිවල වගකීම තනිවම භාරගනිමින් ට්‍රාන්ස්පේරන්සිය වෙනුවෙන් එම මුදල් ගෙවීම් කටයුතු ඉටුකළේද ඔහුය.

ඔහු එතරම් දුෂ්කර කාර්යභාරයක් ඉටුකරද්දීත් ට්‍රාන්ස්පේරන්සියේ දූෂණ තොරතුරු එළියට යාම ගැන ඔහුට විධායක අධ්‍යක්ෂවරයාගෙන් දිගින් දිගටම දෝෂාරෝපන එල්ලවී ඇතැයි පැවැසේ.දූෂණවල නොයෙදී සිටිනු වෙනුවට දූෂණ වසන් නොකිරීම ගැන තමන්ට දොස් නැගීම ගැන ඔහු දැඩි කළකිරීමකින් පසුවූ බවද ඔහුගේ යහළු මිත්‍ර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. රැකියාවේ ඔහුට පැවැරී තිබූ වගකීම් අනුව විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනා වසන් කිරීම් කටයුතු ඉටුකළයුතු වුවද , අලුතින් තව තවත් දූෂණවල යෙදීමට සහ එම කුණු තමන්ගේ අත පයේත් ගාගැනීමට ඔහු මැලිවී ඇති බව ඔහුගේ යහළු මිත්‍ර ආරංචි මාර්ග කියයි. ආයතනයේ තනතුරුවලට ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද සහිත අය ඉල්ලුම්කර තිබියදී ඔවුන් සම්මුඛ පරීක්ෂණයටවත් නොකැදවා, දූෂණ චෝදනා සනාථවී, අධ්‍යක්ෂ සබදතාමත යන්තමින් රස්සාව බේරාගෙන සිටි කළමනාකාරිනියකට උසස්වීම් පිරිනැමීම ඔහු සිදුකර ඇත්තේ ඉතා අප්‍රසන්න භාවයකිනි. රැකියා කිරීමේ බලපත්‍රයක් නොමැතිව ට්‍රාන්ස්පේරන්සිය තුළ නීති විරෝධීව රැකියාවේ යොදවා සිටි විධායක අධ්‍යක්ෂ අසෝක ගේ යහළුවෙකුගේ බිරිදක් බව කියන විදේශීය කාන්තාවට නිකම් ගෙදරසිටි කාලය වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්නට බලකෙරුණවිට එවැනි දූෂිත ගෙවීමක් සිදුකිරීමටද ඔහු මැළිවී ඇතියි දැනගන්නට තිබේ. එම කාන්තාව ට්‍රාන්ස්පේරන්සියෙන් ඉවත් කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයකින් පසුවය.විධායක අධ්‍යක්ෂ අසෝක ගේ බලකිරීම මත විවිධ දූෂිත ගනුදෙනුවල යෙදීමට සහ වැරදි තීරණ ක්‍රියාත්මක කිරීමට. කීර්ති ජයතිලකට සිදුවූ නමුත් තමන් කරමින් සිටින්නේ කළිසමක් ඇදගෙන කළහැකි රස්සාවක් නොවන බව ඔහු නිතර නිතර ප්‍රකාශ කළ බව ඔහුගේ යහළු මිත්‍ර සමාජ සගයෝ ප්‍රකාශ කරති.

කීර්ති ජයතිලක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු නිලධාරී තනතුරෙන් සහ පරිපාලන සහ මූල්‍ය කළමනාකාර ධූරයෙන් ඉල්ලා අස්වී හිටිහැටියේ ගෙදර යන්න ගොස් ඇත්තේ මෙවන් පසුබිමක් යටතේය. ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ නව තොරතුරු නිලධාරී ලෙස ජේ.සී.ආතල් නැමැත්තෙකු පත්කර ඇතැයි දැනගන්නට තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.