Featured

ජාතික ආණ්ඩුවට පාණ්ඩුව සෑදේ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන් 6ක් එජාපයට

ජාතික ආණ්ඩුවේ අවසානය මෙම අයවැය අවසානයේ තහවුරු කරමින් පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වා තනිවම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදිමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තින්ද්වක් ගෙන තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව තනිවම ආණ්ඩු සෑදිමේ රනිල්-මෛත්‍රී බල ගැටුමෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මේ වනවිට ජයගෙන තිබේ.

මෙම නව ආණ්ඩුවට මහින්ද සමඟ නැගිටිමු සංවිධානයේ ක්‍රියාකාරී මන්ත්‍රිවරයකු ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පිළේ යනතම් මන්ත්‍රිවරුන් 6 දෙනකු නව රජයේ මංගල අය-වැය ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් රජයට එක් වීමට සුදානමින් සිටී.

රජයට එක්වීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රිවරු සිවු දෙනා පසුගිය සති කිහිපය තුළ දී සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ සාකච්ජා වට දෙකක් පවත්වා තිබේ.

මින් එක් මන්ත්‍රිවරයකුට කැබිනට් ඇමැති ධුරයක් ලබා දීමට ඉඩ ඇතැයි වාර්තා වන අතර මන්ත්‍රිවරුන් අතරින් තවත් අයකුට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද තවත් අයකුට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුරක් ද ලැබීමට නියමිත බව ද විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

“එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය තිලක් මාරපන ඇමතිවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් එම  ධූරයෙන් ඉවත් කිරිමට ජනපති ඇතුලු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් උත්සහ දරන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමට එක්සත් ජාතික පක්ෂය දෙවරක් නොසිතන බව එජාප මන්ත්‍රී කණ්ඩායම එකමතිකව තින්දුවක් ගෙන තිබේන බව අප විශේෂ වාර්තාකරු පවසයි.”

කලින් කල අනාවරණය-ශ්‍රිලනිප 15ක් සමග එජාප ආණ්ඩුවක්!

Top