Breaking
25 Feb 2025, Tue

ජාතික ආරක්ෂාව නසන “බුර්කාව” ඉවත් කිරිමට සිරිසේන බෑ කියයි -ආරක්ෂක මණ්ඩල අවුලක

ඇතැම් මුස්ලිම් කාන්තාවන් මුහුණු ඇතුළු මුළු සිරුරම වැසෙන සේ පළදින “බුර්කාව” ජාතික ආරක්ෂාව තර්ජනයක් බැවින් ලංකාව තුළ තහනම් කිරීම සදහා පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ගෙන ආ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

අයි.එස්.අයි.එස් ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්ත කණ්ඩායම් මෙරට තුළ ක‍්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙම යෝජනාව ආරක්ෂක අංශ නියෝජිතයා විසින් ඉදිරිපත් කර ඇත.

goni-1
පෙරේදා 26 නිට්ටඹුව රන්පොකුණගම නවෝද්‍යා පාසලේ උසස් පෙළ විභාගයට මුහණ දී සදහා මුහුණ වැසෙන ආකාරයේ (අනන්‍යතාවය සගවාගෙන) නිඛාබ් ඇදුමින් සැරසී පැමිණි මුස්ලිම් ශිෂ්‍යාවන්

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ම මේ වන විට බුර්කාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිය ද මේ මොහොතේ දී එවැනි පියවරකට ගියහොත් පසුගිය කාලය තුළ උත්සන්න වූ ආගමික ගැටුම් සමථයකට පත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන තිබෙන පියවර යළි අර්බුදයකට යා හැකි බවයි.

එමෙන්ම අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තයන්ට ශ‍්‍රී ලංකාව ඉලක්කයක් වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු කිසිවක් වාර්තා වී නැති බවත් එම නිසා ඇතැම් මූලධර්මවාදී සංවිධානවල ප‍්‍රචාරයන් අනුව කලබල වීම අවශ්‍ය නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එහි දී ජනාධිපතිවරයාගේ මතය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරම් පිළිබදව මෙරට බුද්ධි අංශ සහ රජයේ ප්‍රධානීන් සතුව තොරතුරු නොතිබුණද ඉන්දීය බුද්ධි අංශ අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ සම්බන්ධතා හරහා අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එකතුවූ ඉන්දීය ජාතිකයන් ගැන හෙළිදරව් කර තිබිණි.

ඉස්ලාමීය අන්තවාදී ප්‍රවේශයන් ගැන යුරෝපීය මෙන්ම සෙසු කළාපීය රටවල්ද දැඩි ලෙස අවධානය යොමු කර තිබෙන අවස්ථාවක, ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් දේශපාලන වාසි තකා ඒ සම්බන්ධයෙන් දක්වන ඇල්මැරුණු ආකල්පය පිළිබදව ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් දැඩි විමතිය පළකරති.

කොළම්බෝ ටුඩේ

http://www.lankanewsweb.today/archives/11819

http://www.lankanewsweb.today/archives/11185

http://www.lankanewsweb.today/archives/9560

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.