Breaking
25 Feb 2025, Tue

ජාතික නාලිකාවේ නිවේදිකාවන් බදවා ගන්න සොෆාවක් ගෙන්වගත් බෝපගේලාගේ ඒකාබද්ධ භීතිකාව

පසුගියදා හදිසියේම සිරිසේනගේ කඩේ යන අලුත් පත්විම ලැබු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ ලවා මැයි 1 වැනිදා ගාල්ලේදි ශ්‍රිලනිපය ලබන අන්ත පරාජය මාධ්‍ය හරහා වසන් කිරිමේ සුදානමක් අද අනාවරණය වුනා.උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු! යනු මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීගේ වන්දි බට්ටයා උත්සහ දරා ඇත්තේ “ඒකාබද්ධ විපක්ෂය” යන නාමය භාවිතා කිරිම මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තරම් වරදක් බවයි.

මෛත්‍රීගේ වන්දි බට්ටයා හේවත් ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ පැටිකිරිය ගැන රටේ මාධ්‍ය දන්නා කරුණු කිහිපයක් අනාවරණය කිරිම අප සතු වගකිමකි.

නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය දරණ සමයේ සිය නිළ කාර්‍යාලයට අලුත්ම වර්ගයේ සෝෆාවක් ගෙන්වා ගත්තේ ජාතික නාලිකාවට නිවේදිකාවන් බදවා ගැනිමේ සම්මුඛ සාකච්ඡා පැවැත්විමටය.මේ කියන කාරණාව සනාථ කිරිමට තරම් සාක්ෂි ජාතික නාලිකාවේ ඇති අතර අවශ්‍යනම් සොයා ගැනිම එතරම් අපහසුද නැත.ඒ කාලයේ ජාතික නාලිකාවේ  ක්‍රියාකාරී අධ්‍යක්ෂකගේ නිළ කාමරය හදුන්වනු ලැබුවේ “බෝපගේ ගුහාව” යනුවෙනි ජාතික නාලිකාවේ නිවේදිකාවන් බදව ගැනිමේ සම්මුඛ සාකච්ඡා සතියකට වරක් පැවැත්විමද ඒ කාලයේ අනිවාර්‍ය සිදුවු බවද දන්නෝ දනිති.

සදාචාරයක් නොමැති අමනයෙකු “ඒකාබද්ධ විපක්ෂය” නැමති නමටත් බයවිම අලුත් දෙයක්ද නොවේ මන්ද මැයි පලමු වැනිදායින් පසුව මේ රටේ යහපාලනයට මුවාවි සිටින පාහරයන් පන්නා දමන විට මේ අකාරයේ අමන ස්ත්‍රී දුෂකයන්ටද ජම්පරයක් අන්දවනවා දකින්න රටේ බත් කන ජනතාව සතුටු වනවාට සැකයක් නැත.

මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් අද පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනය තමන් දැනුවත්ව නිකුත් කරන ලද්දක් නොවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.ඇමතිවරයා පවසන්නේ අදාල නිවේදනයේ දැක්වෙන්නේ ලේකම්වරයාගේ පුද්ගලික මතය මිස රජයේ මතය නොවන බවයි.

උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු!

යහපාලනය මත පදනම්වූ වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මෙරට මාධ්‍ය නිදහස රිසි සේ දළු ලා වැඩෙන්නට ඉඩදී තිබියදී නීතියට, සදාචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තිය ආචාරධර්මවලටද පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එය ඉතා සූක‍ෂම ලෙස අවභාවිතා කිරීමක් පිළිබඳව මා වෙත වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳ ඔබගේ ගෞරවනීය අවධානය යොමුකරවමි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පකක්ෂය හා විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබියදී, එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයකින්ද තොරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නාවු එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු එක්ව “ඒකාබද්ධ විපක්ෂය” නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දෙමින් සිටින බවත් එකි වාර්තාවල සඳහන් වේ.

වත්මන් යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය පළමු වසර තුළදීම මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේ පියවර 24 ක් ඉදිරියට රැගෙන එමින් මෙරට මාධ්‍ය නිදහස තවදුරටත් සීඝ්‍රයෙන් පුළුල් කරදීම වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය වී තිබියදී එකී උතුම් වූ මාධ්‍ය නිදහස ඝෘජුවම අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන්නා වු පද භාවිතයක් සඳහා මාධ්‍ය දායකත්වය ලබාදීම ඉහත කී පරිදි නීතියට, සදාචාරයට මෙන්ම වෘත්තීය අචාරධර්මවලටද පටහැනිය.

තවද මෙහි පවත්නා දෝෂසහගත භාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විසින්ද දැඩිව අවධාරණය කර ඇති බව ඉතා හොඳින් දන්නා පළපුරුදු, කීර්තිමත්, පරිණත මාධ්‍යවේදීන් වන ඔබ, මෙවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දායක වීමෙන් ඔබගේ වෘත්තීය ගරුත්වයට සිදුකර ගන්නා හානියද සුළු පටු නොවේ.

එපමණක්ද නොව ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත වීම වැළැක්විය නොහැකි අතර එමගින් ඔබ නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇත. එහි වඩාත් අහිතකර ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී විවිධ පුද්ගලයින් විසින් මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ඔස්සේ තම පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වීමය.

එබැවින් ඉතාමත් සංවේදී කාරණයක් වන උතුම් වු මාධ්‍ය නිදහසට අබමල් රේණුවක තරම් හෝ හානියක් නොවන පරිදි එය තව තවත් පුළුල් කිරීමේ උදාර අරමුණින් මෙවැනි අවභාවිතයන් නිශ්ක්‍රීය කිරීමේ තීන්දුවට එළඹිම සඳහා තම හෘද සාක්ෂිය පමණක්ම විනිශ්චයාසනාරූඪ කරවා කටයුතු කරන මෙන් මෙරට සමස්ත පොදු ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්තව ඉතා ගෞරවයෙන් ඉල්ලමි.

නීතිඥ නිමල් බෝපගේ
ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.