Breaking
24 Feb 2025, Mon

ජාතියේ ඛේදවාචකය නොහොත් හොරගොල්ලේ චන්ද්‍රිකා

දාසය වෙනි සියවසේ මුල් භාගයේ දී බණ්ඩාරණායක පරම්පරාවේ මුල් පුරුක වන “නීලප්පෙරුමාල්” ලංකාවට ලංකාවට පැමිනියේ නවගමුවේ දේවාලේ කපුවෙකු ලෙසය . අනතුරුව සුද්දන් පැමිනි කල්හි උන්ට ගොට්ට අල්ලමින් ක්‍රිස්තියානි ආගම වැලද ගත්තෝය. තනතුරු තාන්න මාන්න ගත්තෝය. සුද්දා කොලඹ නුවර පාර කැපීමට ගෙනා ආ ගල් වැලි යොදා ගනිමින් හොරගොල්ල වලව්ව තැනුවේය.විසිවන සියවස වන විට සුද්දා ට විශ්වාසී වූ දේශීයන් අතර ඉහලින්ම සිටියේ හොරගොල්ල පවුලයි. එනම් චන්ද්‍රිකාගේ සියා ගේ පුරුකයි. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නොහොත් චන්ද්‍රිකාගේ පියා එංගලන්තය ට ගොස් අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු මුලින්ම දේශපාලනයට පිවිසියේ කොළඹ නගර සභාවෙනි.ඉන් පසුව සුද්දා ගේ පාර්ලිමේන්තුවට (රාජ්‍ය සභාව) පත්විය. අනතුරුව 1947 පිහිටවූ එජාප රජයේ ඇමතියෙක් විය. 1951 දී එජාපෙ කාඩාගෙන ගිය බන්ඩාරනායක නිදහස් පක්ෂය පිහි‍ටුවීය. වමේ පක්ෂ සමග එක්ව 56 මැතිවරනයට තරග කොට ඔහු අගමැති බවට පත් විය.

නිදහසින් පසු ජාතීවාදී ගින්දර මුලින්ම අවුලුවා ලූයේ බන්ඩාරනායකය. ඒ සිංහල පමනක් රජ්‍ය භාෂාව ලෙසට සම්මත කිරීමෙනි. ඉන් නොනැවතී වාහන වල අංක තහඩුවට ශ්‍රී අකුර හදුන්වා දී ජාතීවාදී ගින්න තිවුර කලේය.ජාතිවාදය විකුනං කෑවා මදිවාට දුප්පත් දරුවන්ට ලෝකය ජය ගැනීමට තිබූ ඉන්ගිරිසි අධ්‍යාපනය නැති බංගස්තාන කර දැමීය. ලංකාවේ අධ්‍යාපනයට කෙලවූ බන්ඩාරනායාක තම දරුවන් ලන්ඩනයේ පැරීසියේ කැම්පස් වලට දැමීය. සෝමාරාමගෙන් වෙඩි කෑ බන්ඩාරනායකගේ හිඩස පිරවූයේ වැන්දඹු බිරිද සිරිමාවෝය. වමට බර රදලයන් සමග ගොනුවූ සිරිමාවෝ ආර්ථික වශයෙන් දුෂ්කරම පරිඡේදයකට රට ‍රැගෙන ගියාය. අනතුරුව පැමිනියේ චන්ද්‍රිකාය. කැලනි ටයර්, එයාර් ලංකා ඇතුලු රජ්‍ය ආයතන 47 විකුනා දැමුයේ චන්ද්‍රිකාය. හමුදාවේ කොදුනාරටිය ශූක්ෂමව අකර්මන්‍ය කලේය. චන්ද්‍රිකාගේ සමයෙදී එතෙක් රජයේ හමුදා සතුව පැවති අලි මංකඩ, පූනරින්, මුලතිව්, මාන්කුලම්, පුලියන්කුලම් කදවුරු අහිමි විය. එහිදී භූමිය අහිමි වූවා පමනක් නොව එහි වූ සියලු අවි ආයුධ සතුරා අතට පත්විය

2005 වසරේ ජනාධිපතිවරනයට ඉදිරිපත්වූ මහින්දට එරෙහිව කොට්ටය යට තියා කුමන්ත්‍රනය කලේ චන්ද්‍රිකාය. දේශමාමක බලවේග වල ජයග්‍රහනය සමග වැලේ වැල් නැතිවූ චන්ද්‍රිකා යලි එංගලන්තයට මාරු විය. එතැන් සිට හූල්ලමින් කල් ගෙවූ චන්ද්‍රිකා විජාතික සතුරු බලවේග සමග එක්ව රට පෙරලීමට මාන බැලීය . 2015 වසරේදී ඉන්දියාව ඇමෙරිකාවේ උවමනාව මත සිරිසේන පඹයා ‍රැගෙන එන්නේ චන්ද්‍රිකාය.රනිල්,සිරිසේන රජය සහ විජාතික බලවේග සම්න්ධ කරන පුරුක චන්ද්‍රිකාය. . මේ සදහා පිහි‍ටුවා ඇති කුප්‍රකට ආයතනය නම් කොට ඇත්තේ ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලය ලෙසය.වර්ථමානයේ අතිශය රහසිගත මෙහෙයුම් සියල්ල සම්භන්ධීකරය වන්නේ මෙම ආයාතනය හරහාය.මෙම ආයතනයේ ප්‍රධානියා චන්ද්‍රිකාය. ප්‍රභල රෝ ඒජන්තයන් දෙදෙනෙකු මෙම ආයතනයේ පාලක මන්ඩලයේ සාමාජිකයන් වෙයි. එලබෙන වසරේ කරලියට පැමිනීමට නියමිත ජාතියට වින කරන මෙහෙයුම් සියල්ල කලමනාකරනය වන්නේ මෙම ආයතනයේ වහල යටය.ඒවා අතර ප්‍රධාන මෙහෙයුම් නම් ,

1.විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම , ෆෙඩරල් ක්‍රමයක් දක්වා බලය බෙදීම ඇතුලු සියල්ල එකවර ඉ‍ටුවන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.

2. යුද අපරාධ චෝදනා විමර්ශනයට විශේෂ උසාවි, අලුත් නීති , විදේශික පරීෂකයන් හා විදේශ නඩුකාරයන් ‍රැගෙන ඒම.

3. ත්‍රස්ත විරොධී පනත අහෝසි කිරීම හා එමගින් කලු කොටි ඇතුලු සියලු එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම

4. යුධ අපරාධ චෝදනා ඇතුල් කරමින් දන්ඩ නීති සංග්‍රහය සහ සාක්ෂි අඥා පන්ත සංශෝධනය කිරීම .

5. මුහුනක් නැති නමක් නැති අභූත සාක්ෂි කරුවන් ගෙන් සාක්ෂි ගොනු කිරීම

6. A9 පාර වැසීම, අත්‍යවශ භාන්ඩ සීමා කිරිම , මැනික් ෆාම් වැනි කදවුරු මූලික කොට සිස්ටම් ක්‍රයිම් චෝදනා ගොනු කිරීම (සමස්ථ රජ්‍ය ක්‍රමයේ අනුග්‍රහය මත සිදුවූ අපරාධ ලෙස චෝදනා ගොනු කිරීම )

7. හමුදාවේ කොදු නාරටිය බිද දැමීම

8. ගෝඨාභයගේ සහ මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම

9. සිංහල ජනතාව බෙල හීන ජන වර්ගයක් බවට පත් කිරීම

අපි අවධියෙන්, ඔබත් අවධියෙන් සිටින්න …..

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.