Featured

ජාති ආණ්ඩුව අවජාතක වේ……එකඟතාවන් කැඩු බව රනිල් කියයි

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරිමත් කිසිදු සාකච්ඡාවකින් තොරව අඩුම තරමේ මහ බැංකුවට ප්‍රධානියෙකු පත් කිරිමේදි මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා කෙනෙකු නිර්දේශ කල යුතු බවට ඇති නිර්දේශ පවා කඩකරමින් ජනාධිපතිවරයාගේ තනි කැමත්තට මහ බැංකුවට අධිපතිවරයෙකු පත්කිරිමට ගත් අත්තනෝමතික ක්‍රියාමාර්ගය පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාපයේ රනිල් පිළ සහ රනිල්ගේ විශ්වාසවන්තයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) මධ්‍යම රාත්‍රීයේ දක්වා පැවැති බව අප දේශපාලනවාර්තාකරු අනාවරණය කළා.

රනිල් පිළේ ප්‍රභලයෙකු අප වාර්තාකරු හමුවේ අනාවරණය කර ඇත්තේ එම සාකච්ඡා වලදි මහ බැංකුව පාලනය කරන්නා එජාප හිතවතෙකු විය යුත්තේ මන්ද යන්න පැහැදිලි කල බවත් තමන් (රනිල් ) අර්ජුන් මහේන්ද්‍ර වැනි දක්ෂ මෙන්ම තමන්ට හා පක්ෂයට හිතවත් අයෙකු මෙන්ම ආර්.පාස්කරලිංගම් මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ උපදේශක තනතුරට පත්කර ගත්තේ වසර ගණනාවක් රටේ පාලන බලය එක්සත් ජාතිකය මත තබා ගැනිමට බවත් පවසා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ මහ බැංකුඅධිපති අරුජුන මහෙන්ද්‍රන් යළි පත් නොකිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලබවා ඇත්තේ මහරාජා ව්‍යාපාරයේ ප්‍රධානි කිළි මහරාජා හා ජණාධිපති උපදේශක ලෙස ක්‍රියාත්මක වෙන සජිත් පිළේ න්‍යායාචාර්‍ය ශිරාල් ලක්තිලක විසින් බවත්ය.

ඔහුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආණ්ඩුව බලයට පත්වනවිට මෛත්‍රී සමග ඇතිකරගත් එකගත්වයන් මේ වනවිට බිඳවටීඇති බවද අගමැතිවරයා පෙන්වාදි ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ චොදනා කිසිවක් ඔප්පුවී නොමැති මහ බැංකුඅධිපති අරුජුන මහෙන්ද්‍රන් යළි පත් නොකිරිමට උපදෙස් ලබා දිමට කිළි මහරාජා හා ශිරාල් ලක්තිලක යන අයට බලයක් තිබේනම් ආණ්ඩුව විසුරුවා හැරිමට හිතුන අවස්ථාවක එයද කිරිමට ඔහුන් කටයුතු කරනු ඇති බවයි.

මේ අතර අද රාත්‍රීයේ මෛත්‍රීපාල සිරිසේනද සිය ශ්‍රීලනිප කණ්ඩායම සිය නිළ නිවසට කැදවා ඇති අතර එම අවස්ථාව කිහිප දෙනෙකුම මගහැර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ.ඒ සම්බන්ධයෙන් සම්පුර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න

Top