Breaking
24 Feb 2025, Mon

ජාවාරම් කරුවන්ට රබර් මුද්‍රාවක් වූ සිරිසේන සහ භූ දේශපාලනයේ සුලි කුනා‍ටු

යටත් විජිත පාලන ක්‍රමය වූ කලී  ධනවාදී අර්ථ ක්‍රමයේ අවජාත කලලයකි. ධනවාදයේ අවජාතතක දරුවා කාර්මික විප්ලවයේ තිබිරිගෙය තුල බිහිවිය. අධිරාජ්‍යයන්ගේ නොසන්සිදුන  බල කාමය අනුක්‍රමික මහා  ලෝක  සංග්‍රාම  දෙකකට මුල් බීජය  විය. කෝටි ප්‍රකෝටි ගනනින් ජීවිත සහ දේපල අහිමි කල යුද්ධය පිරුවටයකින් වසාලමින්  ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ඊනියා සංවිධානය කරලියට පැමිනියේය.බටහිර බලවතුන්ගේ අගුපිලේ වසමින්  තවත්  රාජ්‍යක්  දැහැමින් සෙමින් සූරාකන නව ක්‍රමයට දර දිය ඇදීම එ.ජා සංවිධානය බාර විය. මුහුනට  මුහුනලා අවි බලයෙන් රාජ්‍යක්  පරයා යාම වෙනුවට කුමන්ත්‍රනකාරීව රටේ සාරය උරාබීම නව යටත් විජිත කලාවයි. අරාබී වසන්තය,සිරිසේනගේ දේදුනු විප්ලවය මෙන්ම ලස්සන වචන වචන වලට මුවාවී ලොව පුරා ගෙනයන සියලු ව්‍යාපෘති  මෙකී ක්‍රමයේ කුටප්‍රාප්තින් මිස අන් යමක් නොවේ

දෙවන ලෝක යුද්ධයෙන් පසුව භූ දේශපාලනයේ දිශාදර්ශකය වූයේ කලු රත්ත්‍රන් නොහොත් ඛනිජ තෙල්ය. වර්තමාන ගෝලීය බල අරගලයේ අක්මුල් පැතිර ඇත්තේ තෙල් සම්පත වටාය. මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපයේ නොනවතින ගැ‍ටුම් පසුපස කථාව ඛනිජ තෙල්ය. එදා මෙදා තුර ලෝක ඉතිහාසය උඩු ය‍ටිකුරු කල දේශපාලන සුලි කුනා‍ටු ගනනාවක විභවය ඛනිජ තෙල්ය.අසාමානය ලෙස තෙල් මිල ඉහල පහල යාම  ඕනෑම  ආර්ථිකයකට මාරාන්තික විපාක ගෙන දෙයි. . ඛනිජ තෙල් වූ කලී මාරන්තික අවියකි. 2014 ජූනි මාසය වන විට  ඩොලර් 148 ලෙස පැවති බොරතෙල් බැරලය 2015 වන විට ඩොලර් 42ක බිම් මට්ටමට පැමිනියේය. ආර්ථික උපදේශකයන් මිල කඩා වැටීම හේතු ලෙස නිර්වචන 3ක් ගෙන ආහ.

යුරෝපයේ හා ආසියාවේ ඇතිවූ ආර්ථික අවපාතය.

සූර්යය/සුළං විදුලිබල උත්පාදනය, හයිබ්‍රිඩ් මෝටර්, සහ ජීව ඉන්දන ක්ෂේත්‍රවල වූ වර්ධනය.

උතුරු ඩකෝටා සහ ටෙක්සාස් වල ස්ථාපිත නව තෙල් නිධි හරහා ඇමෙරිකාව නිපදවන බොරතෙල් ප්‍රමාණය ඉහළ යාම.
ආර්ථික ඔස්තාර්ලාගේ මේකී නිර්වචන සත්‍යයෙන් තොරය. තෙල් මිල පහත වැටීම ඉහත කරුනු කාරනා මත  සිදූ වූවක් නොව එය මනා ලෙස සැලසුම් කල භූ දේශපාලන කුමන්ත්‍රනයකි. සැබැවින්ම සිදුවූයේ ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ලෝක තෙල් මිල අසාමාන්‍ය ලෙස පහත හෙලීමකි.

AR01

අරාබිකරයේ තෙල් සම්පත යුරෝපයට ‍රැගෙන යාම සී.අයි.ඒ න්‍යාය පත්‍රයේ අංක 1 ලෙසින් එන මෙහෙයුමකි. යුරෝපයට බොර තෙල් ‍රැගෙන යාමට නල මාර්ගයක් එලීමට ඇමෙරිකාව හා සෞදි අරාබිය  ගිවිසුමකට  පැමිනියේ 2004 වර්ශයේදිය. ඇමෙරිකානු සැලසුම වූයේ කටාර් වලින් ආරම්භ වන නල මාර්ගය සෞදි අරාබිය, ජොර්දානය, සිරියාව සහ තුර්කිය හරහා යුරෝපයට ‍රැගෙන යාමය. මෙකී ව්‍යාපෘතිය රුසියාවේ ආර්ථිකයට මරු පහරකි, මක්නිසාදයත් වර්තමානයේ යුරෝපයට තෙල් විකිනීමේ ඒකාධිකාරිය රුසියාව සතු නිසාය. කවදත් රුසියාවට හිතැති සිරියාවේ අල් අසාද් සෞදි -ඇමෙරිකා තෙල් නල ව්‍යාපෘතියට එක හෙලා විරුද්ධ විය. ඉන් නොනැවතුනු රුසියාව ඉරාණය, ඉරාකය සිරියාව සහ තුර්කිය හරහා තම රටට තෙල් නලයක් එලීමට 2011 වර්ශයේ දී ගිවිසුමට එලබියේය. ඉරාණයේ තෙල් තමන්ගේ අත යටින් යුරෝපයට විකිනීම රුසියානු සැලසුම විය.

භූදේශපාලන සිතියම අනුව සිරියාවේ සහයෝගයකින් තොරව යුරෝපයට තෙල් නල එලීම සිහිනයකි. සිරියාවේ අල් අසාද් රජය සෞදි- ඇමෙරිකා සැලසුමට පයින් ගැසීම  සහ  රුසියානු සැලසුමට එකග වීම  ලෝක දේශපාලන බලතුලනයේ තීරනාත්මක සංදිෂ්ඨානයක් විය. ඇමෙරිකාව හා සෞදි අරාබිය එක්ව සිරියානු රජය පෙරලීමට  අයි.එස් කැරලිකරුවන් අතට බර අවි සහ මිල මුදල් සපයන්නේ ඒ අනුවය. ඉන් නොනැවතුනු සෞදි- ඇමෙරිකා හවුල චෙච්නියාවේ ජිහඩ් සටන්කරුවන් සංනද්ධ කිරීමද කලේය. ඇමෙරිකානුවන්ගේ  ත්‍රස්තකරණ න්‍යාය හමුවේ තවදුරටත් නිහඩ ප්‍රේක්ශකයකුව නොසිටි රුසියාව, ඉරාණය හා එක්ව සෞදි රජයට එරෙහි හවුටි කැරලිකරුවන් සංනද්ධ කලහ. දතට දත න්‍යාය අනුව යමින් රුසියා- ඉරාණ හවුල  යුද්ධය සෞදි අරාබියේ එලිපත්තටම ගෙන ආහ.

අරාබිකරයේ හමා යන  භූදේශපාලන කුනා‍ටුව හමුවේ ඉල්ලුම් සැපයුම මත පදනම් වූ මිල න්‍යාය අතුරුදහන් විය. සෞදි-ඇමෙරිකා දේශපාලන න්‍යාය පත්‍රය අනුව බොරතෙල් බැරලයේ මිල සටහන් විය. බොර තෙල් බැරලයේ  මිල පහල වැ‍ටුනේ ඒ අනුවය. රුසියාවට සහ ඉරාණයට සිය අයවැය පියවීමට අවම වශයෙන්   බොරතෙල් බැරලයක් ඩොලර් 131 කට විකිනිය යුතුය.  රුසියානු තෙල් බැරලයක නිෂ්පාදන වියදම ඩොලර් 40 කට ආසන්නය.  සෞදියට ඒ සදහා වැය වන්නේ ඩොලර් 5කි. ලෝකයේ තෙවන ප්‍රධානතම තෙල් සැපයුම් කරුවන වෙනිසියුලාවද රුසියානු කදවුරේ සාමාජිකයෙකි. තෙල් අර්බුදයෙන් වෙනිසියුලානු ආර්ථිකයද මුලුමනින්ම කඩාවැටී ඇත. ආර්ථිකය කඩා වැටීම පමනක් නොව තමන්ගේ වෙලදපොල  කොටස් මොවුන්ට අහිමිවෙමින් පවතියි. රුසියාව, ඉරාණය සහ  වෙනිසියුලාව සතුවූ වෙළද පොල කොටස් බොහොමයක් දැනමටමත්  සෞදි අරාබිය නතු වී ඇත.

AR02බොර තෙල් මිල පහල වැටීම ලංකාවේ සිරිසේන ඡන්ද ගුන්ඩුවක් කර ගත්තේය. මැතිවරනය කට තියා  තෙල් මිල සොච්චමක් අඩු කලේ තමන්ගේ හපන් කමක් ලෙසිනි . තෙල් මිල බිද වැටීමේ ප්‍රති විපාක පිලිබදව ග්‍රාමසේවක සිරිසේනට හෝ උපදේශක ගොබ්බයන්ටද  නිවරදි තක්සෙරුවක් නොමැත. ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරු රුසියාවය. රුසියානු ආර්ථිකය කඩා වැටීම හමුවේ තේ මිලදී ගැනීම 50% කින් පහත වැටින. 2014 මහබැංකු වාර්තාව අනුව තේ සැපයුමෙන්  14% ක් රුසියාව විසින් ද, සියයට 10% ඉරානය විසින් ද, සියයට 7% එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින්ද  මිලදී ගෙන ඇත. ප්‍රධාන තේ ගැනුම් කරුවන් සියල්ලන් තෙල් අර්බුදය  හමුවේ අසරණ වී ඇත. ඒ අනුව තේ  කර්මාන්තය හා බැදුනු මිලියන 1.5 ජනතාවක්ද, බවබෝග මත යැපෙන මුලු මහත් ආර්ථිකයද අන්ත අසරන වී ඇත.

මැද පෙරදිග වසා පැතිරයන අර්බුදය මිලියනයක පමන ලාංකික ශ්‍රමිකයන්ට අයහපත් ලෙස  බලපා ඇත. ආයොජනය සහ ‍රැකියා උත්පාදනයයෙන් ඉතිහාසයේ නව පි‍ටුවක් පෙරලූ චීනයද ඉන්දියන් මෙඩ් රූකඩ සිරිසේන නිසා අහිමි විය. අධිරාජ්‍යවාදීගේ අගුපිලේ ලගිමින් රටපාවා දුන්නා මදිවාට,හිපාලු සිරිසේන රජවීමට පරයන් සමග දැමූ ඩීල් වල  මිලද ගෙවීමට සිදුව ඇත්තේ දුක් විදින ජනතාවටය. ජාවාරම් කරුවන්ගෙන්  සිරිසේනගේ මැතිවරන ව්‍යාපරයට ලැබුනු කලු සල්ලි වල හිලව්  ගෙවීම සිදුවනුයේ මහජන දේපල මතිනි. අද ග්‍රාමසේවක  සිරිසේන ජාවාරම් කරුවන්ට රබර් මුදාවක් වී ඇත. කිලී මහරාජා නැමති කල්ල‍තෝනියා සිරිසේන රබර් මුද්‍රාවක් ලෙස භාවිතාකොට සිංහල දේශප්‍රේමියකුගේ  ඇවට්ගාඩ් සමාගම අත්පත් කරගත්තේය. පරයන් සමග එක්ව දේශප්‍රේමීන්ට පුක් අත ගැසීමට ගිය හොත්  ඇදක් මත මිය යාම  සිරිසේනට අහිමිවනු නො අනුමානය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.